ශක්තිය ගබඩා කිරීම
 

අප යම් ක්‍රියාවක් කරවා යම් වස්තුවක් පොළවෙන් ඉගළ මට්ටමකට ගෙන ගොස් තැබුවහොත් එම යෙදවූ ශක්තිය එම වස්තුවේ විභව ශක්තිය ලෙස තැම්පත් වී තිබේ.

එලෙස තැන්පත් වූ ශක්තිය එම වස්තුව පගලට හෙළීමෙන් නැවත ලබාගත හැක.(යම්කිසි ක්‍රියාවක් කරවා ගත හැක).
ඇතැම් විට ඔබ කැටපෝලයකින් කුඩා ගල් කැබල්ලි විද තිබෙන්නට පුළුවන.

එහිදී ප්‍රථමයෙන් රබර් පටිය මත ගල් කැබැල්ල තබා රබර් පටිය අඳිනු ලබයි, එවිට එම ගල මත රබර් පටිය ඇඳීමෙන් ඇති කළ ශක්තිය ගල් කැබැල්ල තුල විභව ශක්තිය ලෙස තැන්පත් වේ.
පසුව රබර් පටිය අතින් මුදාහැරිය විට ගල්කැබැල්ල ඉතා වේගයෙන් චලනය වේ.
මේ අනුව ශක්තිය විවිධ ආකාරයට ගබඩා කළ හැකි අතර පසුව එමඟින් විවිධ ක්‍රියාවන් සිදුකරගත හැකිවේ.
(c) Shilpa Sayura Foundation 2006-2017