ප්‍රකෘති කථන හා විකෘති කථන
 

ප්‍රකෘති කථන නම් යමෙක්‌ කී දෙයක්‌ එලෙසින්ම දැක්‌වීමයි. විකෘති කථන නම් යමෙක්‌ කී දෙයක්‌ වාර්ථා ස්‌වරූපයෙන් දැක්‌වීමයි.

"මම හෙට කුඹුර කොටමි" යි ගොවියා කීය. (ප්‍රකෘති කථන)
තමා හෙට කුඹුර කොටන බව ගොවියා කීය. (විකෘති කථන)

"අපි සවස හමුවෙමු" යි මිතුරෝ කීහ. (ප්‍රකෘති කථන)
තමන් සවස හමුවන බව මිතුරෝ කීහ. (විකෘති කථන)

"නුඹ දැන්ම මෙහි නවතින්නෙහිය" යි සගයා කීවේය.
මා එ‍වේලේම එහි නැවතින්නට ඕනෑ බව සගයා කීය. (විකෘති කථන)

"මේ ඉඩම අපගේය" යි ගැමියෝ කීහ. (ප්‍රකෘති කථන)
ඒ ඉඩම තමන්ගේ බව ගැමියෝ කීහ. (විකෘති කථන)

"හරක්‌ රංචුව මගේ කුඹුර පාළු කරති" යි ගොවියා කෑ ගැසීය. (ප්‍රකෘති කථන)
හරක්‌ රංචුව තමාගේ කෙත පාළු කරන බව කියමින් ගොවියා කෑ ගැසීය. (විකෘති කථන)

 
(c) Shilpa Sayura Foundation 2006-2017