දෛනික අවශ්‍යතා සඳහා නිමානය
 

නිමානය යනු ආසන්න අගයක් එනම් දළ අගයක් සෙවීමයි.

උදාහරණ වශයෙන්
21Kg , 11Kg , 9Kg , 19Kg
යන බරින් යුත් වට්ටක්කා ගෙඩි 4ක් ඇත්නම් එම ගෙඩි 4හි මුලු බර නිමානය කරන විට එක් එක් ගෙඩියේ බර සඳහා දළ අගයක් ගෙන ඒ සියල්ල එකතු කර ගෙඩි 4 හිම මුලු නිමානය කරයි.

එනම් ගෙඩි 4 හිම බර සඳහා දළ අගයක් සෙවීම වේ.
ඒ අනුව ඉහත එක් එක් වට්ටක්කා ගෙඩියෙහි බර පහත පරිදි දළ අගයකට ගෙන ඒවා එකතු කරයි.

20Kg + 10Kg + 10Kg + 20Kg
එමනිසා නිමානය කලවිට මුළු බර = 60Kg

අභ්‍යාස.
(1)පාපැදි කරුවෙක් මිනිත්තුවකට 180m ක වේගයෙන් ගමන් කරයි නම් ඔහු පැයකදී යන දුර නිමානය කරන්න.

(2) නයනා විෂයන් 6කට ගත් ළකුණු 48,55,65,53,49,37 වේ.ඇය ලැබූ ළකුණු වල මධ්‍යනය නිමානය කරන්න.

දෛනික අවශ්‍යතා සඳහා වැටයීම.
දෙනු ලබන සීමා,නියමයන් හා කොන්දේසි වලට අනුව නිමානය කිරීම වැටයීම ලෙස හැඳින්වේ.

වැටයීම තුලින් වඩා සාධාරණ නිමානිත අගයක් ලැබෙන අතර එක් එක් අයට ලැබෙන පිලිතුරු සමාන වේ.


ආසන්න 10ට වැටයීම.
54 ආසන්න 10ට වැටයීම සලකමු.
54ට ආසන්න 10යේ ගුණාකාරය වන්නේ 50 වේ.එමනිසා 54 ආසන්න 10ට වැටයූවිට පිලිතුර 50 වේ.

51,52,53,54 යන සංඛ්‍යා සියල්ලම ආසන්න 10ට වැටයූවිට පිලිතුර වන්නේ 50යි.

45,46,47,48,49 යන සංඛ්‍යා සියල්ල ආසන්න 10ට වැටයූවිට පිලිතුර 50යි.

ඒ අනුව සංඛ්‍යාවක් ආසන්න 10 ට වැටයීමේදී එහි එකස්ථානය සලකයි.එකස්ථානය 5ට අඩුනම් ආසන්න 10 ට වැටයූවිට පිලිතුර වන්නේ එම සලකන සංඛ්‍යාවට පෙරතිබූ 10 යේ ගුණාකාරයයි. එකස්ථානය 5 හෝ ඊට වැඩිනම් ආසන්න 10ට වැටයූවිට පිලිතුර වන්නේ එම සලකන සංඛ්‍යාවට පසුව එන 10 යේ ගුණාකාරයයි.

උදාහරණ:
(1) 35 ආසන්න 10ට වටයමු.
එකස්ථානය සැලකූවිට එය 5 හෝ ඊට වැඩි අගයකි.එමනිසා පිලිතුර 40 වේ.

(2) 33 ආසන්න 10ට වටයමු.
එකස්ථානය 5ට අඩුය.එමනිසා වැටයූවිට පිලිතුර 30 වේ.

ආසන්න 100ට වැටයීම.
මෙය ආසන්න 10ට වැටයීම සිදුකල ස්වරූපයම ගනී.වටයනු ලබන සංඛ්‍යාවේ දසස්ථානය සැලකූවිට එය 50ට අඩු නම් එම සංඛ්‍යාව වඩා ආසන්න වන්නේ එයට පෙරතිබූ 100හි ගුණාකාරයට වේ.
දසස්ථානය 50 හෝ 50ට වැඩිනම් එය ආසන්න වන්නේ ඊට පසුව එන 100යේ ගුණාකාරයට වේ.

ඒ අනුව 3790 ආසන්න 100ට වැටයූවිට පිලිතුර 3800 වේ.
1340 ආසන්න 100ට වැටයූවිට පිලිතුර 1300 වේ.

අභ්‍යාස.
(1) පහත සංඛ්‍යා ආසන්න 10ට වටයන්න.
88 71 103 247 3857
(2) පහත සංඛ්‍යා ආසන්න 100ට වටයන්න.
8344 260 3421 3550

(c) Shilpa Sayura Foundation 2006-2017