දශම ගුණිතය
 

දශම ගුණ කරනුයේද පූර්ණ සංඛ්‍යා ගුණකරන ආකාරයටම වුවද, පිලිතුරේ දශම ස්ථානයේ පිහිටීම වෙනස්වේ.දශම සංඛ්‍යා ගුණකිරීමේදී ලැබෙන පිලිතුරේ දශම ස්ථාන ගණන , ගුණකරනු ලබන දශම සංඛ්‍යා 2හි ඇති දශම ස්ථාන ගණනේ එකතුවට සමාන වේ.


 

 

උදාහරණ 1:
0.3 × 0.5 = 3/10 × 5/10
= 15/100 = 0.15

උදාහරණ 1:
0.25 × 0.7 = 25/100 × 7/10
= 175/1000 = 0.175

අභ්‍යාස.
මේවායේ අගය සොයන්න.
3.8 ×4.2
33.5× 16.9
1.25× 3.42
2.43× 3.41
14.5× 8.4

තවද
10 x 0.6284 = 6.284
100 x 0.6284 = 62.84
1000 x 0.6284 = 628.4
10,000 x 0.6284 = 6284
100,000 x 0.6284 = 62,840 






(c) Shilpa Sayura Foundation 2006-2017