මෙහිදී දෙන ලද දශම සංඛ්‍යාව, හරය 10 හෝ 10යේ බලයක් වන භාගයක් ලෙස ලියා ඊට සරලම තුල්‍ය භාගය සෙවිය යුතුය.
උදාහරණය 1:
0.2 සාමාන්‍ය භාගයකට හරවමු.
මෙය 10 හරය වන ලෙස භාගයක් ලෙස ලියාගත යුතුය.
0.2 = 2/10
එය තවදුරටත් සුළුකර සරලම තුල්‍ය භාගය ලෙස ප්‍රකාශකල විට
පිළිතුර 1/5
උදාහරණය 2:
0.75 සාමාන්‍ය භාගයකට හරවමු.
හරය 10යේ බලයක් වන භාගයක් ලෙස ලියාගැනීමෙන්
0.75 = 75/100
එය සරලම තුල්‍ය භාගය ලෙස ප්‍රකාශ කලවිට
3/4 වේ
අභ්‍යාස.
පහත දශම සංඛ්‍යා භාගවලට හරවන්න.
0.12
0.135
0.2522
0.008
මෙහිදී ප්‍රථමයෙන් සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවක් වන පරිදි 10 න් හෝ 10 යේ බල එනම් 100, 1000, 10000
ආදී සංඛ්‍යාවකින් වැඩි කිරීම කෙරේ.