ශක්තිය ලබාගන්නා ක්‍රම පිළිබදව විමසන විට ශක්තිය ලබා ගන්නේ කෙලෙසද? කුමකින්ද? යන ප්‍රශ්ණය ඔබට සිතෙනු ඇත.
ශක්තිය ලබා ගන්නේ ශක්ති ප්‍රභව මඟිනි.
ශක්ති ප්‍රභවයක් මඟින් ශක්තිය ලබා ගන්නේ කෙසේදැයි අප විමසා බලමු.
දෛනික ජීවිතයේදී ඔබ සිදු කරන ක්‍රියාවන් ගැන මදක්සිතා බලන්න.
ඔබට ඒ සදහා ශක්තිය අවශ්‍යය අතර එය ලැබෙන්නේ කෙලෙසදැයි ඔබ දන්නවාද?.
අප සිදුකරන සියළුම ක්‍රියාවකදීම අපට ශක්තිය ලබා දෙන්නේ අප ගන්නා ආහාර මඟිනි.
ඔබට ඒ සදහා ශක්තිය අවශ්‍යය අතර එය ලැබෙන්නේ කෙලෙසදැයි ඔබ දන්නවාද?.
අප සිදුකරන සියළුම ක්‍රියාවකදීම අපට ශක්තිය ලබා දෙන්නේ අප ගන්නා ආහාර මඟිනි.
ඔබ ශක්තිය ලබාගන්නේ ආහාර මඟින් වන අතර ආහාර පිසීම සදහා ශක්තිය ලබා ගන්නේ කෙසේදැයි දැන් අපි විමසා බලමු.
ආහාර පිසීම සදහා දර, එල්.පි.(L.P) ගෑස් , සූර්යයා වැනි ශක්ති ප්‍රභව මඟින් ශක්තිය ලබා ගැනේ.
තවද යානවාහන දාවනය සදහා ඩීසල් ,පෙට්‍ර්ල්,ද විවිධ මෝටර් ක්‍රියාකරවීම සදහා, පෙට්‍ර්ල්, භූමිතෙල් වැනි දේ යොදා ගනී.
එනම් ඔබට ශක්තිය දෙන ආහාර නිශ්පාදනයටත් ශක්තිය අවශ්‍යය බව දැන් ඔබට වැටහෙනු ඇත.
එනම් යම් කිසි ක්‍රියාවක් සිදුකරගැනීමට යම් කිසි ශක්තිප්‍රභවයක් අවශ්‍යය වන බව පෙනේ.
එම ශක්ති ප්රභවය යම්කිසි ආකාරයකට දහනය කිරීමෙන් ශක්තිය උත්පාදනය කර ගත හැක.
පහත වගුවේ දැක්වෙන්නේ විවිධ ක්‍රියාවන් සදහා අවශ්‍යය ශක්තිය ලබාගැනීමට අවශ්‍යය ශක්ති ප්රභවයන්ය.
අවස්ථාව | යොදාගන්නා ශක්ති ප්‍රභව |
1.ජලය පොම්ප කිරීමට | හමන සුළඟ |
2.දුම්රියක් ධාවනය කිරීමට | ගල් අඟුරු ඩීසල් |
3.විදුලිය නිපද වීමට | ඉහල ස්ථානයක සිට කඩා හැලෙන ජලය,හමායන සුළඟ, කැළබෙන මුහුදු රළ හා සූර්යය ආලෝකය. |
4.ගුවන් යානා සදහා | සුපරි ඩීසල් |
5.රොකටිලුවක් අභ්‍යවකාශ ගත කිරීමට | ද්‍රව හයිඩ්රජන් |