අනාගත ඒක හා බහු වචන කර්ම කාරක ක්‍රියා
 

සිංහ‍ භාෂාවේ අනාගත කාලයක් නැතැයි සැළකුණද පහත පරිදි අනාගත ක්‍රියා සාදාගැනීම කරනු ලැබේ.

අනාගත ඒක හා බහු වචන කර්ම කාරක ක්‍රියා ස්‌වරූපය පහත පරිදිය.

උත්තම පුරුෂ - කරනු ලබන්නෙමි. කරනු ලබන්නෙමු.
මධ්‍යම පුරුෂ - කරනු ලබන්නෙහි. කරනු ලබන්නහු.
ප්‍රථම පුරුෂ - කරනු ලබන්නේය. කරනු ලබන්නේය.

පැරණි ග්‍රන්ථවල පහත පරිදි වර්ථමාන - අනාගත ස්‌වරූපයනද ද දක්‌නට ඇත.

අනතීත කර්ම කාරක රූප

උත්තම පුරුෂ - කෙරෙමි. කෙරෙමු.
මධ්‍යම පුරුෂ - කෙරෙහි. කෙරෙහු
ප්‍රථම පුරුෂ - කෙරේ. කෙරෙති

(c) Shilpa Sayura Foundation 2006-2017