විභක්‌ති ගැන්වීම
 

විභක්‌ති ගන්වීම යනු වාක්‍යයක කතෘ හෝ කර්මය උක්ත හෝ අනුක්ත ස්වරූපයට පෙරළිමයි.

එනම් මම - මා
නුඹ, නුඹලා
ඔහු - හේ
ඇය - ඈ

කතෘ කාරක වාක්‍යයක්‌ කර්ම කාරකයකට හැරවීමේදී උක්‌ත කතෘ අනුක්‌ත රෑපී කර කර්මය උක්‌ත රෑපී (විභක්‌ති)ගන්වනු ලැබේ.

කතෘ කාරක වාක්‍යයක්‌ කර්ම කාරකයකට හැරවීමේදී උක්‌ත කතෘ අනුක්‌ත රෑපී කර (විභක්‌ති ගන්වා) කර්මය උක්‌ත රෑපී (විභක්‌ති) ගන්වනු ලැබේ.

එවිට කතෘ කාරක ආඛ්‍යාතයද කර්ම කාරක ආඛ්‍යාතයකට හරවනු ලැබේ.

මම බත් කෑවෙම්. (කතෘ කාරක)
මා විසින් බත් කනු ලැබිණි. (කර්ම කාරක)

අම්මා දරුවා නළවන්නීය.(කතෘ කාරක)
අම්මා විසින් දරුවා නැලවෙයි. (කර්ම කාරක)

මම පොත බලමි. (කතෘ කාරක)
මා විසින් පොත බැලේ. (කර්ම කාරක)

මම පොත බැලුවෙමි. (කතෘ කාරක)
මා විසින් පොත බැලිණි. (කර්ම කාරක)

(c) Shilpa Sayura Foundation 2006-2017