මත් ඇතුන්ට සමාන කාය බලය ඇති, සතුරු සාගරය කැලඹීමට මේරු නමැති මත් දණ්ඩ වැනි ආයුධ ශිල්ප ඉගෙන ගත්තා වු කඩු ගත්තෝ හාත්පස සිටියහ. සපැමිණ නන් දෙසෙන් නොයෙක් පලාත් වලින් අවුත් එක් උරහිසකින් ඊකොපු දරමින් අසුර සේනා විලාසයෙන් බොහෝ ධනුර්ධර සේනාවෝ ඒ සමීපයෙහි සිටියෝ ය. නො හළ විරු සිරියහ වීර ස්වභාවය (සිරි) අත් නොහැරියා වු සතුරු (රිපු) නමැති අඳුරට හිරු උදාව වැනි, මහත් බල ඇති, මහමෙර සේ (නොසැලෙන) ධෛර්ය ඇති රථචාර්යයෝ රථවලට නැගී සිටියාහු ය. මිණි කිකිණි ගැටලු මැණික් ඔබ්බන ලද මිණි ගෙඩි (රහු) බැඳි, රන් කැටයමින් මනහර වු සැදෑලය (පිටෙහි) එලන ලද අශ්ව සේනාව ගෙන සතුරන් මුලින් උපුටා දැමූ අශ්වාරෝහකයෝ වට ලා සිටිය හ. දිගු සොඬ පිහිල්ලෙන් දික් වු සොඬ නමැති පීල්ලෙන් වැස්සෙන මද දිය ධාරාවෙන් දුරු කළ දූවිලි ඇති ඇත් වළල්ලෙන් යුතු ව ඇතරුවෝ සිටියාහු ය. ඔවුන් වෙත රාසී නොයෙක් ප්‍රදේශ වලින් පැමිණි ජනයෝ ඔවුන් (ඒ ඇතරුවන්) සමීපයෙහි රැස් වී ඔවුනොවුන්ගේ ඇඟෙහි ගැටෙමින් අතරක් නැත වන ලෙස ගැවසී සිටිය හ. බිම සිට බැලීමට බිම සිට ගෙන බැලීමට ඉඩ නැතැයි (කියා) උස් ලෙස මැසි බැඳ ඒ මැසි මත සමහර කෙනෙක් වාදය බලන්නට සියියහ. ඇවිත් පසු පස්සේ ඇතැම් කෙනෙක් පසු පස්සේ පැමිණ මිල දී ගත් මැස්සේ නැඟ වීණා වාදනය අසනු කැමැත්තෙන් අසු අස්සේ සිටිය හ. නැගි නන්දන සොඳුරු නැගී සිටි බොහෝ දෙනාගේ සුන්දර වු සිනිඳු සලුවලින් හා ආභරණවලින් ගැවසී ගත් ඒ නගරයේ වෘක්ෂයෝ එදා කල්ප වෘක්ෂය මෙන් ඉතා අලංකාර විය. දන කැන් නොයෙක් දෙස විවිධ දේශවල ජන සමූහයා පැමිණ රැස් වු අයුරු කියනුම කවරේ ද ? බරණැස් නගරය පිරුණු බැවින්, ප්‍රාකාරය මතුයෙහි පවා ඉඩක් නැති විය.
රුපු සයුර මෙර මත්තෝ
අවි සිප් උගත්තෝ
අවට සිටියෝ ය කඩු ගත්තෝ
හියුවුරු දරා එකසෙන්
විලසින් අසුර සෙන්
එ වෙත සිටියෝ නොයෙක් දුනුසෙන්
රීප'දුරට රිවි උදහය
පබල මෙර දිරියහ
නැගී රිය රියැදු'රෝ සිටියහ
රන් කම් කලණ පටලු
රුපුන් මුලු'පුට ලු
අසරු අස් සෙනග ගෙන වටලු
වැහෙන සෝදිය හැල්ලෙන්
දුරළ දුහුවිල්ලෙන්
ඇතරු සිටියෝ ඇත් වළල්ලෙන්
සෝදිය - මද දිය : ගිරිදුන් සත් මදේ - සත්පත් කුසුම් සුවදේ
(කාව්‍යශේඛරය)
වෙමින් වෙන වෙන දේසී
උනුනැ'ඟ හැසි හැසී
සිටියො අතුරක් නොදී ගැවසී
හැපි හැපී - හස (-පැහැසීමෙහි)
අවසර නැතැයි උස් කොට
බැඳ මැසි එ මැසි පිට
අයෙක් සිටියෝ වාද දැකුමට
මිලදී රැගත් මැස්සේ
වෙණ අසන රිස්සේ
අයෙක් සිටියෝ ය අසු අස්සේ
අසු අස්සේ - අන්තරාන්තරයන්හි / අතර මැදි අතර
දුහුල බරණින් නිරතුරු
එදා එ නුවර තුරු
වීය කප්තුරු සිරින් විසිතුරු
කියනු කිම රැස් වු ලෙස
පිරුණෙන් ඒ බරණැස
නො වී අවසර පවා සවුරිස