වේද වේදාංගයන්හි දක්ෂ වු, ශාස්ත්‍ර නමැති පිළිරුවට කැටපත් (දැපුණෝ) වැනි වු, ලොවට හිත වැඩ සැලසීමෙහි යෙදුණා වු පුරෝහිත බ්‍රාහ්මණයෝ එක් පැත්තක උන්නාහු ය. යසින් නොකිලිටියෝ නොකැලැල් වූ කීර්තියක් ඇති ලෝකයෙහි කල්ප වෘක්ෂ මෙන් වෙසෙන, සිටු පදවි දරන්නෝ වාදය අසු කැමැත්තෙන් (පසෙක) හුන්හ. තියුණු නුවණැත්තෝ සියුම් නුවණ ඇත්තා වු රට රැකීමට ආශා ඇති, කරුණාවෙන් තෙත් වූ ළය ඇති රජ ඇමතියෝ ඔවුන් (සිටුවරුන්) සමීපයෙහි උන්නාහ. සමර සම සුරුවෝ අනංගයාට (සමර) සමාන (සම) මනහර රූප ඇති (සුරුවෝ) හෝ යුද්ධයෙහි (සමර) සමාන (සම) ආයුධ ශිල්ප හරඹයෙහි (සරම) දක්ෂ වු ඤාණ නමැති ආභරණ පැලද ගත් රජ කුමරුවෝ එක් පැත්තක උන්හ. රණගින් නො තැවියෝ යුද ගින්නෙන් (අගින්) නොතැවුණු, රජතුමාගෙන් උසස් තනතුරු ලැබූ, ජයශ්රීයෙන් වෙන් නුවූ රජුගේ සේනාපතීහු එක් පැත්තක උන්නාහු ය. රුපු රණ අරිටියෝ සතුරු යුදයෙහි දී නපුරු වු, රට රැකීමෙහි ඉතා දක්ෂ, රජුගේ අණට අවනත වු ප්රදේශාධිපතියෝ (මහරැටියෝ) එක් පෙදෙසක උන්නාහු ය. සරසවි වැලඳියෝ සරස්වතී වැළඳ ගත්තා වු, කාව්‍ය නාටකයන්හි රසය වින්දා වු, ශාස්ත්‍ර නමැති සාගරයේ කිමිදුණා වු බොහෝ හුදියෝ (පණ්ඩිතයෝ) පැත්තක ඉඳගත්හ. බරත සැක හළුවෝ භරත නාට්‍ය ශාස්ත්‍රය සැක රහිත ව (මැනවින්) උගත්, නැටුම් දැක්වීමෙන් (රහින්) ජනයාගේ සිත් බැඳ ගත් වෙස් ගැන්මෙන් මැනවින් සැරසුණු නොයෙක් නළුවෝ පැත්තක සිටියාහු ය. කිවි බසෙහි රැඳියෝ කාව්‍ය රචනයෙහි යෙදුණු, ජනයාගේ සිත් තුළ වු, දුක් නැති කළා වු, කැමති සම්පත් වින්ඳා වු බොහෝ වන්දිභට්ටයෝ (විරුදුකාරයෝ) එක් පසෙක සිටියාහු ය. නොයෙක් රට වැස්සෝ වීණා නාදය අසනු කැමති බොහෝ රට වැසියන්ගෙන් රට වැසි ප්‍රභුවරු (නිසි නිස්සෝ) ඒ මණ්ඩපය තුළ ම ද, සෙසු අය මණ්ඩපයෙන් පිටත ද සිටියහ.
සතර පිළිඹිඹු දැපුණෝ
දිය වැඩෙහි දැපුණෝ
පසෙක උන්නු ය පෙරෙවි බමුණෝ
දෙ වෙදහ (වේද-වේද අංග) වේද සතර හා වේදාංග සය-ශික්ෂා, කල්ප ව්‍යාකරණ, නිරුක්ති, ඡන්දස්, @ජ්‍යාතිෂ යනු වේදාංග සය යි.
ලොව කප් තුරු සෙ සිටියෝ
වාද ඇසියටියෝ
උන්නු සිටු තනතුරු පිහිටියෝ
රට රකිනා කැමැත්තෝ
කුලුණෙන් ළ තෙත්තෝ
උන්නු උන් වෙත රජ ඇමැත්තෝ
අවි සිප් සරම සුරුවෝ
නැණ බරණ දැරුවෝ
පසෙක උන්නු ය රජ කුමරුවෝ
රජුගෙන් ලත් පදවියෝ
ජය සිරිනි නොවියෝ
දෙසෙක උන්නු ය රජ සෙනෙවියෝ
රට රැකුමෙහි බුහුටියෝ
රජ අණ දැවටියෝ
උන්නු එක් දෙසක මහරැටියෝ
කව් නළු රසය විඳියෝ
සත් සිඳු කිමිදියෝ
පසෙක උන්නු ය නොයෙක් හුදියෝ
රහින් දන මන වෙළුවෝ
වෙසින් සුලකුළුවෝ
පසෙක සිටියෝ ය නන් නළුවෝ
දනන් සිත දුක් සිඳියෝ
කැමති සිරි විඳියෝ
දෙසෙක සිටියෝ නොයෙක් වැදියෝ
වෙණ නද අසන රිස්සෝ
එහි ම නිසි නිස්සෝ
සිටියො මඬුයෙන් පිටත සෙස්සෝ