මට ගෝලයාව සිටි මොහුගෙන් වන නින්දාවට පත් නො වී (එයට) පළමුවෙන් වනයට යෑම මැනවැයි සිතා. නික්‌ම පුරයෙන් සෙද නගරයෙන් වහා නික්‌මී ඒ නගරය සමීපයෙහි වූ වනය මැද ඝන ලෙස අතුපතර බැඳුණු සිහිල් සෙවණ ඇති හොඳ ගහක් මුල උන් සඳ තැවි තැවී පසුතැවිලි වෙමින් හුන් කල්හි ඔහුගේ යහපත් (මැනවි) ගුණයේ තේජසින් උස් (හිවි) වු මහමෙර මුදුනෙහි වු ශක්‍රයාගේ (සුරෙන්ද්‍ර) පාණ්‌ඩුකම්බල ශෛලාසනය උණුසුම් විය. සිහිල් සැප පහසින් ශිතල වු සැපවත් ස්‌පර්ශයෙන් විශේෂයෙන් සිතෙහි සතුට වඩවන ඒ ආසනය ඒ ආකාරයෙන් (උණුසුම්) වන්නට හේතුව දිවැසින් බලා, වග වලසුන් නොයෙක බොහෝ වු ව්‍යාඝ්‍රයන්ගේ හා වලසුන්ගේ හැසිරීමෙන් (හසරින්) බියකට හෝ සැකයකට හෝ නොපැමිණ සිතෙහි සතුටින් තොර ව එලෙසින් හුන් බෝසතුන් දැක, සක් පුර ලොවිනැ'විත් ශක්‍ර (දේවෙන්ද්‍ර) තෙමේ දෙව් ලොවින් අවුත් බෝසතාණන් වෙතට සම්ප්‍රාප්ත ව ඒ වනය මැද මහා සත්වයන් වහන්සේ තනි ව හිඳීමට හේතු විචාළේය. ඇසූ එතෙපුල් සොඳ (ශක්‍රයාගේ) ඒ සිත්කලු වදන් ඇසූ බෝසතාණන් විසින් සිත් සතුටු කරන තැනැත්ත, (සසඳ) කථා කරන මේ ඔබ කවරෙක් දැයි විචාළ කල්හි, දහසක් දිවැස් ඇති දිව්‍ය නේත්‍ර දාහක් ඇත්තා වු දෙව් ලෝ දෙකට (දෙව්ලොවට) ම අධිපතියා වූ නැගෙනහිර දිසාව හිමි මට මිනිස්‌සු ශක්‍ර දේවේන්ද්‍ර යැයි කියති. මෙලෙසින් පුරඳරා පුරන්දරයා (ශක්‍රයා) මේ අයුරින් කියන ලද යහපත් වදන් අසා, සිත සතුටින් පුරවා ගෙන මේ අපගේ (ගුත්තිල) ඇදුරු තෙමේ මේ වචන කී ය. අනගුණයට පිවිසි දුර්ජනයන්ගේ ගුණයෙහි ගිලුණු මිනිස් (වෙසින් සිටි) රකුසකු මෙන් පෙනුණු කළගුණ කිසිවක් නොදත් අතිශයින් පාපී දුර්ජනයකු අතවැසි (ශිෂ්‍ය) බවට පත් කළෙමි.
මොහුගෙන් වන නිගරුවට
නො ලැමිණ පළමු කොට
ගමන යෙහෙකැයි සිතා වනයට
එ පුරට නුදුරු වන මැද
ගන සා මඬුලු බඳ
සිහිල් සෙවෙණැති රුකක් යට සොඳ
ඔහු ගුණ තෙදින් මැනවී
මෙර මුදුනත හිවී
සුරිදු පඬුපුල් අස්‌න උණුවී
සිත තොස වඩන වෙසෙසින්
ඒ අසුන් ඒ ලෙසින්
වන්ට කාරණ බලා දිවැසින්
හසරින් නො වී බිය සැක
සිත සතොසින් වැළක
එසේ උන් බෝසතාණන් දැක
හසරින් - (සංචාරය) හැසිරීමෙන්
සපැමිණ බෝසතුන් වෙත්
ඒ වන මැද මහසත්
තනි ව උන් කාරණය පිළිවිත්
බෝසතු විසින් මන නඳ
තෙපලන අප සසඳ
මෙ තෙපි කවරෙක් දැයි ඇසූ සඳ
දෙදෙව් ලොවට ම අදිපති
මට ඉඳුරු දික් පති
දනෝ සක් දෙවිඳු යයි පවසති
දෙදෙව්ලොව - දෙව් ලෝ දෙකක් - චාතුර්මහාරාජිතය හා තව්තිසාව.
ඉඳුරුදික් - නැගෙනහිර දිසාව
කී බස් අසා සොඳුරා
සිත සතොසින් පුරා
කීය මේ බස් මෙ අප ඇදුරා
පුරඳරා - (පුරන්දර) ශක්‍රයා
නර රකුසකු ලෙසින් දිසි
කළගුණ නොදත් කිසි
පවිටු දුදනකු කෙළෙමි අතවැසි