ගුරුවරයාගේ පා වැඳ බොහෝ වු වීණා ශිල්ප ඉගෙන මේ තෙමේ කළ ගුණ නො සලකයි, යනුවෙන් ඔහුගේ දුර්ගුණ සලකා ඔහුගේ ශරීරයෙහි වූ දුෂ්ට ලක්‌ෂණ දැක (මතු) පැමිණෙන උපද්‍රව දැන දැන ම අපගේ ගුරුන්ගේ (දෙමාපියන්ගේ) වචන නිසා ඒ දින මොහු පිට නො කෙළෙමි. නිසි සිප් නොදත්තෙහු නිසි ශිල්පයක් නො දැන සිටි, ඈත රටක සිට පැමිණි මොහු අප විසින් තමාගේ ප්‍රිය පුත්‍රයා මෙන් ඇති දැඩි කළ අන්දම හොඳයි නේ ද ? දියෙහි යන දණ්‌ඩට දියෙහි පා වෙන දඬු කඩයට පිහිටක් වෙතත් දුර්ජනයන්ට පිහිට නොවවු යන පුරාණයේ සිට එන කියමන (මූ) මට සැබෑ කළේය. කොපමණ ගුණ කළත් කොතරම් ගුණ කළ නමුදු දුර්ජනයෝ යහපත් නොවෙත්. කිරි දියෙන් සේදුවත් අඟුරු සුදු වන කාලයක් නම් නැත. දුරු කර හිරි ඔතප් ලජ්ජාව හා භය (ඔතප්) දුරු කොට, ඇතුළත වු දුර්ජන ගතිය දැක්‌වී ය. මොහුට අප ඉගැන් වූ ශිල්පය විෂඝෝර සර්පයෙකුට පොවන ලද කිරි මෙනි. නුවණ නොසියුම් මට ශිල්පයේ කෙළවර දක්‌වා ඉගැන්වූවා වූ, සියුම් නුවණක් නැති, මා කළා වූ (එම) නොදැන්මට (මෝඩකමට) මොහු මට කරන දේ යෝග්‍යය. බලව දැන් වූ දේ දැන් සිදු වු දෙය බලව, අප ඉගැන් වූ දෙය ඉගෙන වාදය කෙරෙමි යි කියයි. මෙබදු අයටත් ශිල්ප හරි යනවා (නේ ද ?) උගති සිප් සොඳ සේ (මොහු) ශිල්ප මැනවින් ඉගෙන ගත්තේ ය. බල ඇති (තරුණ) වයසෙහි සිටින්නේ ය. මහලු වයසේ සිටින මට පෙර මෙන් වෙණ වැයුම් නොහැකි ය. ම වෙණ අසමානය මගේ වීණා වාදනය අසමාන යැයි පෙර ආඩම්බර විමි. දැන් මට සමාන කෙනෙක් වේ. ඉතින් අවමන් විඳින්නේ ඇයි ?
ඉගෙණ ගෙන සිප් අපමණ
නොසිතයි කෙළෙහි ගුණ
මෙසේ සලකා ඔහුගෙ අවගුණ
ලකුණු දැක එන උවදුරු
දැන දැන ම අප ගුරු
බසින් නොකෙළෙමි එදා මොහු දුරු
දුරු රට සිට පැමිණියහු
ලෙස සිය පිය සුතහු
හොදයි ඇති කළ නියා අප මොහු
පිහිටක් වෙතත් පෙර සිට
දුදනන් හට පිහිට
නොවවු යන බස සැබෑ කළෙ මට
දුදනෝ නොවෙති යහපත්
කිරි දියෙන් දෙවියත්
අඟුරු සුදු වන කලෙක් නම් නැත්
පෙන්විය දුදන ගුණ ගැප්
මොහුට අප දුන් සිප්
පෙවූ කිරි වැන්න විස ගොර සප්
ඔතප් (ඔත්තප්ප) - පවට ඇති බය.
ගෙන ගියෙමි සිප් නිම්මට
මා කළ නො දැන්මට
යෙදේ මූ කරන දේ දැන් මට
ඉගෙන අප දැන් වූ දේ
කෙරෙමි යෙයි වාදේ
මෙසවු අයටත් සිල්ප සෑදේ
සිටියි බලවත් වයසේ
මට මහලු වයසේ
බැරිය වෙණ ගායනා පෙර සේ
ඉන් කෙළෙමි පෙර මානය
දැන් මට සමානය
ඉතින් විඳ කිම් ද අවමානය