අනියමාර්ථයේ ලිංග හා උක්‌ත අනුක්‌ත වෙනස්‌ කම්
 

අනියමාර්ථයේ නාමපද වල උක්‌ත අනුක්‌ත වෙනස්‌ කම් ඉතා සියුම්ය. ඒවා ඉතා සියුම් නිසා බොහෝ අය අනවබෝධයෙන් වියරණ වැරදි ලෙස යොදති.එමනිසා පහත උදාහරණ මැනවින් අධ්‍යයනය කරන්න.

මිනිසෙක්‌ - මිනිසකු (මිනිසෙකු නොවේ)
අයෙක්‌ - අයකු (අයෙකු නොවේ)
කෙනෙක්‌ - කෙනකු (කෙනෙකු නොවේ)
සමහරෙක්‌ - සමහරකු (සමහරෙකු නොවේ)
කෙල්ලක්‌ - කෙල්ලක (කෙල්ලෙක්‌ හෝ කෙල්ලෙකු නොවේ)
කුමරෙක්‌ - කුමරකු (කුමරෙකු නොවේ)
කුමරියක්‌ - කුමරියක (කුමරියෙකු නොවේ)
කුමාරියක්‌ - කුමාරියක (කුමාරියෙකු නොවේ)

ස්‌ත්‍රී ලිංග වල අනුක්‌තය 'ක' ලෙසද පුරුෂ ලිංගය 'කු' ලෙසද වන අයුරු බලන්න

පුරුෂවාචී : 'එක්‌' ප්‍රත්‍ය උක්‌ත සඳහාද 'අකු' ප්‍රත්‍ය අනුඋක්‌ත සඳහාද යෙදේ.
තරුණ+එක්‌ -> තරුණ+අකු
තරුණයෙක්‌ -> තරුණයකු

ස්‌ත්‍රීවාචී : 'අක්‌' ප්‍රත්‍ය උක්‌ත සඳහාද 'අක' ප්‍රත්‍ය අනුඋක්‌ත සඳහාද යෙදේ.

තරුණ්‌+අක්‌ -> තරුණි+අක
තරුණියක්‌ -> තරුණියක

නපුංශක ලිංග ස්‌වරූපයන්වල උක්ත හා අනුඋක්ත භාවය

ගසක්‌ - ගසක
මේසයක්‌ - මේසයක ආකාර වන බව පෙනේ.

බොහෝ විට සිදුකරන උක්තය හා අනුක්තය සම්බන්ධව කරන ව්‍යාකරණ වැරදි පහත දැක්වේ. වාක්‍යක තිබිය හැක්කේ එක උක්තයක් පමණි.

අප පොත් බලමු. (මෙහි කතෘ අපි විය යුතුය)
මේ පොත අපිට ප්‍රයෝජනවත්ය. (කර්ම කාරක වාක්‍යයක් බැවින් අපිට යන්න අපට විය යුතුය එනම් අනුඋක්‌ත වීම නිසාය)
ගොනා අපි දෙසට එයි. (උක්‌තය ගොනා නිසා අනුක්‌තය අප විය යුතුය)
ඔබ මිතුරකු බව මා දනිමි. (උක්තය විය යුත්තේ මා නොව මම යන්නයි)
මම තරුණියක්‌ දුටුවෙමි. (උක්තය මම නිසා තරුණියක් යන්න තරුණියක ලෙස අනුඋක්ත විය යුතුය)

 
(c) Shilpa Sayura Foundation 2006-2017