නිල් මැණිකේ පැහැයේ සාරයත් යමුනා ගඟේ (කලිඳු ගඟේ) පැහැයත් යටපත් කොට (පැහැර) තද නිල් වු රශ්මි ධාරා මුළු ලොව තවරමින් විහිදියේ ය. උතුළෙවු'තුරු සයුර උතුරු සාගරය ඉතුරුවා සේ ද මහමෙර දිය වී වැගිරී ගියා සේ ද රන්වන් කාන්තිය මුළු ලොව එක සේ පැතිරී ගියේ ය. රුවන් රැස් දාරා රත් රැස් සමූහය (රත්) මැණික් රැස් දහරා සෙයින් දිසා අනුදිසාවල ගැටී සක්‌වල ගලින් පිටතට විහිදී ගියේ ය. කිරි සමුදුර උපෑ කිරි සාගරය කැලඹී ඉහළ නැගෙන ආකාරය සියල් ලෝ වැසියනට පෙන්වමින් පොළොවත් අහසත් (දෙකේ) අතර නො පෙන්වා සඳරැස් බඳු සුදු පැහැය පැතිරී ගියේ ය. මුනි රද පුදට වන් බුදුන් පිදීමට පැමිණි දෙව් බඹුන් ගිනි මැදට වැදුණු රත් පෑ ඇට වල ආකාරයට පත් කෙරෙමින් මඳටිය පැහැ ඇති රශ්මිය ඇඹරෙමින් විහිදිණි. ලොවැති පැහැ එක් කොට ලොව ඇතිතාක් පාට එක්‌කොට අඳිනා ලද අලංකාර සිතියම් වස්‌ත්‍රයක් දිග හරින්නාක් මෙන් සුන්දර ලෙස ප්‍රභාස්‌වර කැලුම් එක් විට ම විහිදී ගියේ ය. ගොස් බඹ ලොව වැදී නික්‌මී ගොස් බඹ ලොවේ වැදී ආපසු නැගී (අවුත්) නා ලොව කිමිදී ඒ අතරතුරේ දී (හෙවත් මැද හරියේ දී) රැලි ගැසෙමින් ද මේ ආකාරයෙන් සවනක් රැස් විහිදී ගියේ ය. දන මන පුබුදුවා ජනයාගේ සිත් පුබුදු කරවමින් (ඔවුන්ට) ඇස් ලැබීමේ ලාභය විඳින්නට සලස්‌වමින් ගන අඳුර බිඳ දමමින් ද මේ විදියට සවනක් රැස් විහිඳුවා. රන් රස ගිගිළියෙන් සුළඟින් ඇඹරෙන්නා වු කොඩිවල ලෙළ දීම නිසා රන්රහු ගෙඩි නාදය නිකුත් වන සුවඳින් යුතු ගන්ධ කුටියෙන් පිපුනා වු නෙළුම් මල් නමැති පියවිලි පිටින් නික්‌මැ. පූජා කරනු ලබන මල්වල සුවඳ නිසා දැල් බැඳ ගෙන වටා යන මී මැසි සමූහ මෙන් හාත්පසින් මැණික් කිංකිණි අමුණා කළ දැල් ලෙළදෙන දම් සබා මඬුවට වැඩම කොට,
කලිදු ගන පැහැ පැහැරා
සුනිල් රැස් දහරා
දිවි මුළු ලොව තවර තවරා
කලිඳු ගඟ - යමුනා ගඟ යි. ඒ නදිය තද නිල් පැහැයෙන් යුතු ය.
(58 වන පැදියෙන් ආරම්භ වු මේ පැදි පෙළ මේ පැදියෙන් අවසන් වේ. එබැවින් මේ පද්‍ය අටක කුලකයකි.)
මිලිනව ගියා මෙන් මෙර
මුළු ලොව එක පැතිර
දිවි රන්වන් කැලුම් මනහර
මිලින වීම - දිය වී විසිරී යෑම යි.
ලෙස රත් කැලුම් බාරා
දසනු දෙස පෑරා
දිවි සක්‌වල ගලින් බෑරා
වන ලෙස මුළු ලොවට පෑ
මිහි බුබතුරු නො පෑ
දිවි සඳරැස් සදිසි සුදු පෑ
සුර බඹ ගිනි මැදට වන්
විලසින් රතැට වන්
කෙරෙමිනැඹැරිණි රැස් මදට වන්
කළ රුසිරු සිතියම් පට
විදාහන මෙන් රුව ට
දිවි පබසර කැලුම් එක විට
ඇඹර නා ලොව කිමිදී
මැද එහි රැළි දිදී
මෙලෙස සවනක් කැලුම් විහිදී
නුවන් ලත් පල විඳුවා
ගන අඳුරු බිදුවා
මෙලෙස සවනක් රැස් විහිඳුවා
පවනඹළ දද කෙළියෙන්
සුවඳ ගඳ කිළියෙන්
නික්‌ම පිපි පඬෙර පියවිළිනේ
බමන බිගු දැල් විලසට
ලෙළ මිණි දැල් අවට
වැඩම කර දම් සබා මඬුවට