ප්‍රකාශනාත්මක චලන ( අභිචලන )
 
කවර හෝ අදහසක්‌ අන් අයෙකුට තේරුම්ගත හැකි වන ආකාරයෙන් සන්නිවේදය කිරීම ප්‍රකාශාත්මකව ඉදිරිපත් කිරීම වශයෙන් හදුන්වයි. එය යම් අංග චලනයක්‌ අනුව අදහස පැහැදිලි වන සේ ඉදිරිපත් කිරීම ප්‍රකාශනාත්මක චලන නොඑසේනම් අභිචලන වශයෙන් හදුන්වනු ලබයි. මෙම අභිචලනයන් තුලදී වචන භාවිතයක්‌ කරනු නොලබයි. අත, පය, ඇස්‌ හිස ආදී ශරීර අංග තුලින් යම් අදහසක්‌ මතු කිරීම ප්‍රකාශනාත්මක චලනයන් තුලදි සිදුවේ. ඇතෙම් විටෙක වචන විශාල ප්‍රමාණයකින් කිවහැකි යමක්‌ ඉත සුළු අංග චලනයකින් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත. 
 
ගීතයකට අනුව ප්‍රකාශනාත්මක චලනයක්‌ ඉදිරිපත් කිරීමේදී ඔබ තෝරාගන්න ගීතය ගැන වඩාත් සැලකිලිමත් විය යුතුය. අප තෝරාගන්න ගීතය තුළ අදහස්‌ ප්‍රකාශනය සඳහා කවර ඉඩක්‌ තිබේදැයි මනාව තේරුම් ගත යුතුවේ. මෙහිදී වඩාත් පහසුවෙන් අදහස ඉදිරිපත් කිරීමට හැකි ගීතයක්‌ තෝරාගැනීම වඩාත් යොග්‍ය වේ. ප්‍රකාශනාත්මක චලන රැගත් නර්තන නිර්මාණයක්‌ කිරීමට වඩාත් යෝග්‍ය ගීතයක්‌ පහතින් දැක්‌වේ.
 
 ඕලු පිපිලා විල ළෙල දෙනවා - සුදට සුදේ නංගෝ
 ඕලු නෙළාලා මාල ගොතාලා - දෙන්නද සුදු නංගෝ
 
 එන්න දියේ බැස මාහා - දෙන්න ඔබේ අත මාලා
 ඕලු නෙළාලා මාල ගොතාලා - පලිදිමු අපි මාලා
 
 වැල නොකැඩී පෙම් කෙලිමින් යන්නෝ දන්ඩි පැටවු නංගෝ
 කූනිස්‌සෝ උඩ පැන පැන යන්නෝ අප කැඳවා නංගෝ
 මෙන්න මලක්‌ මා නෙළුවා ඔන්න ඔබේ ඒ මාලා
 ඕලු නෙළාලා මාල ගොතාලා - පලිදිමු අපි මාලා
 
 මා පරදිනවා ඔබගේ දෑතට මට ලැජ්ජයි නංගෝ
 හෙමිහිට හෙමිහිට නෙලමින් යමුකෝ කලබල ඇයි නංගෝ
 ඔලූ මලේ සුද නාලා ඔබ රුව වැඩිවෙයි මාලා
 ඕලු නෙළාලා මාල ගොතාලා - පලිදිමු අපි මාලා
 
 නෙළුවා නෙළුවා බරටම නෙළුවා බරට බරයි නංගෝ
 මේ මල් ඇරගෙන වටපිල් කන්දට යමුද ඉතින් නංගෝ
 අන්න මල්ලි මෙහි එනවා යමු යමු හනිකට මාලා
 ඕලු නෙළාලා මාල ගොතාලා - පලිදිමු අපි මාලා
(c) Shilpa Sayura Foundation 2006-2017