තාලානුකූල නර්තනය
 

ඔබට නිතර දෙවේලේ රූපවහිණියෙන් හෝ සජීවී ප්‍රසංග වලදී හෝ දක්‌නට ලැබෙන බොහොමයක්‌ නර්තන තාලානුකූලව ඉදිරිපත් කරන රංගනයන් වේ. ගීතයේ තාලයට අනුව සාදාගත් චලනයන් අනුසාරයෙන් ඉදිරිපත් කරයි. මෙහිදී ගීතයේ අරුත පිළිබඳව සැලකිලිමත් නොවේ.

පහත සඳහන් ගීතය අනුසාරයෙන් තාලානූකූල රංගනයක්‌ නිර්මාණය කරන්න. නරිබෑණා වේදිකා නාට්‍යයෙ එන මෙම සරල ගීතය තාලානුකූල රංගනයකට ඉතා සුදුසු ගීතයකි.

ඇහැල මලින් ගස්‌ පිරිලා බලන්න හරි ලස්‌සනයි
අඹ රඹුටන් ජම්බු ඉදිල අද හැම තැන හරි හැඩයි

දොඹ ගස්‌ යට මල් හැළිලා සුවඳක්‌ හැම තැන දැනෙයි
වලි කුකුලන් අඞලනකොට අහන් ඉන්න හරි හැඩයි.

ගස්‌වල දලු නැලවෙන කොට ඇඟට හරිම සීතලයි
ඉගිලෙන අර සමනලයින් අල්ලන්නට බැරි හැඩයි.

(c) Shilpa Sayura Foundation 2006-2017