ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව සියලුම රටවල ගීත අනුව රංගනයන් ඉදිරිපත් කිරීම ප්‍රචලිතය.වේදිකාවේත්, රූපවාහිනී මාධ්‍ය තුල ගත්තත් ගීත අනුව රංගනයන් ඉදිරිපත් කිරීම ප්රමුඛ ස්ථනයක් ගනී.
මෑත යුගයේදී බෙහෙවින්ම ප්‍රචලිත ගීත අනුව නර්තන ඉදිරිපත් කිරීමට දීර්ඝ ඉතිහාසයක් ඇත.උදාහරණයක් ලෙස ගත් කල ඉන්දීය භරත නාට්‍යම් රංග කලාව දැක්විය හැක. ඒ මක් නිසාද යත් දීර්ඝ ඉතිහාසයක් ඇති භරත නාට්‍යම් සම්ප්රදායේ එන නර්තන අංග ගීත අනුව ඉදිරිපත් කරන නිසාය.
ගීතයක් අනුව රංගනයක් ඉදිරිපත් කිරීමේදී එය සාර්ථක නිර්මාණයක් වන්නේ ගීතයේ වචනවලට අනුව, සංගීත රටාවට, හා තාලයට අනුව ඉදිරිපත් කිරීමෙනි.
රංගනයක් සඳහා ගීතයක් තෝරා ගැනීමේදී එම ගීතයේ තාලය හා ගීතයේ අරුත මැනවින් වටහා ගැනීමෙන් ඉතා සාර්ථක නිර්මාණයක් කිරීමේ හැකියාව ලැබේ. නර්තන කලාව හදාරන්නෙකු වශයෙන් ඔබ මේ පිලිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය. මක් නිසාද අනාවබෝධයකින් කෙරෙන නිර්මාණයක් අසාර්ථක නිර්මාණයක් වීමේ හැකියාව වැඩිය.
දේශීය නර්තන සම්ප්‍රදායන් තුල කෙරෙන වන්නම්, කවි තාල, සවුදම් වැනි නර්තන අංගයන්ද ගීත අනුව කෙරෙන රංගනයන් ය. නමුත් මේ නැටුම් විධි හුදෙක් එම ගීතයේ අරුත ප්‍රකාශ කරමින් රඟ දක්වනු නොලබයි. සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව සරල ගීතයක් හෝ ශාස්ත්‍රීය ගීතයක් අනුසාරයෙන් ඉදිරිපත් කරන රංගනයක එකී ගීතයේ තාලය හා අරුත ප්‍රකාශ වෙන පරිද්දෙන් නර්තනය කරනු ලබයි. වඩාත් පහසුවෙන් අදහස ප්‍රකාශ කිරීමට හැකි සරල ගීතයක් තෝරා ගැනීමෙන් වඩා සාර්ථක නැටුම් නිර්මාණයක් කල හැකිය.
ගීතයකට අනුව ඉදිරිපත් කරන නර්තනය ආකාර දෙකකින් ඉදිරිපත් කල හැකිය.

1. රිද්මයානූකූල නර්තනය
2. තාලානුකූල නර්තනය.
2. තාලානුකූල නර්තනය.