මෙම කෘතිය සොයාගනු ලැබුවේ අනුරාධපුර වේරගල විහාරයෙනි. ක්‍රි.ව. 7-9 අතර සියවස් වලට අයිති මෙය ලෝකඩ පිළිමයකි. මෙහි ඡටා මකුටය ගෙල මුහුණ දෙකන් ඉගටිය අරය දෑත් දෙපා සහ ශාරීරික අංග මැනවින් විද්‍යාමන කොට ඇති මෙය උසස් ශිල්පීයෙකු ගේ ප්‍රතිභාව මැනවින් ප්‍රකට කරන්නකි.
මෙම ප්‍රතිමාවේ දකුණු පස අසුනක් මත තබාගෙන වම්පය පහතට හෙළාගෙන වමත ආසනය මත තබාගෙන සිටී. දකුණත විතර්ක මුද්‍රාව නිරූපණය කොට ඇත.
මුහුණ මන්දස්‌මිත භාවය ප්‍රකට කෙරෙන අතර අයින් මහා කරුණාභාවය - මෛත්‍රී සහගත ස්‌වරූපය පිළිමයෙන් නිරූපිත වේ.
මෙතෙක් සොයාගෙන ඇති අවලෝකිතේස්‌වර ප්‍රතිමා අතුරින් මෙම ප්‍රතිමාව විශිෂ්ටතම කෘතිය ලෙෂ පිළිගැනෙන අතර එය ලාංකීය ලෝකඩ තාක්‍ෂණය පිළිබඳ පුරාණ කාලයේ තිබු ශිල්පීය ප්‍රාගුණ්‍යය මැනවින් ප්‍රකට කරන්නකි.