අනුරාධපුර පන්කුලිය ග්‍රාමයෙන් හමුවන මෙම බුදුපිළිමය ඔත් පිළිමයකි. ඉන්දියාවේ අමරාවතී කලා සම්ප්‍රදායට අනුව ගොඩනැගුණු බුදු පිළිමයකි. මෙම ප්‍රතිමාව ක්‍රි.ව. 06 වන සියවසේ ඉදිවු ප්‍රතිමාවක් බව ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා කියයි. මෙම ප්‍රතිමාවේ මුද්‍රවේ විශේෂත්වයක් දැක්‌වෙයි. එක් අතක නිරූපණය වන්නේ අභය මුද්‍රාවය. නමුත් අනෙක් අතේ මුද්‍රාව සමාධි පිළිමයකට සමාන වන අයුරින් නිමකොට ඇත.