අඩි 06 ක් පමණ උඩ මෙම බුදුපිළිමය කිරිගරුඩ මාධ්‍යයෙන් සාදනලද බුදු පිළිමයකි. අමරාවතී කලා සම්ප්‍රදායට අයිති මෙම බුදුපිළිමය ඉන්දියාවේ අමරාවතී කලාවේදී නිර්මාණය කොට ලංකාවට ගෙන එන්නට ඇතැයි යනු පුරාවිද්‍යාඥයින්ගේ අදහස වේ.
අනුරාධපුර මහ ඉලුප්පල්ලම ප්‍රදේශයෙන් හමුවු මෙම බුදුපිළිමය ලාංකීය ප්‍රතිමා කලාවේ ප්‍රාරම්භක තත්වයන් හෙළිකරන්නකි. මෙම පිළිමයේ ඇති පාෂාණ විශේෂය ලංකාවේ හමු නොවන නිසා ඉන්දියාවෙන් ම ගෙනෙන ලදැයි පරණවිතාන සුරීන් කරුණු දක්‌වා ඇත. වමතින් සිවුරුපොට අල්ලාගෙන සිටින අතර දකුණු අතේ කොටසක් කැඩීගොස් ඇත. එහි අභය මුද්‍රාව නිරූපණය වන්නට ඇතැයි අනුමාන කළ හැකි වේ. මුහුණ ගෝලාකාර වේ. දෙනෙත් විවාතබව අක්‌බඹරු කොණ්‌ඩය සිවුරේ සංසාටිය යෙදීම සිවුරේ යට අඳනය සුඑවෙන් දැක්‌වීම ප්‍රතිමාවේ විශේෂ ලක්‍ෂණ ලෙස හඳුන්වා දිය හැකිවේ.