මොනරාගල බුත්තල ප්‍රදේශයෙන් හමුවී ඇති මෙම බුදුපිළිමය ක්‍රි.ව. 8 9 සියවස් වලට අයිති බුදුපිළිමයකි. පසෙකින් ඇති බොධි සත්ව රූප නිසා මෙම ස්‌ථානය මහායාන සිද්ධස්‌ථානයක් වශයෙන් ප්‍රසිද්ධියට පත් ව ඇත. ලක්‌දිව මහායාන බලපෑම ඉන් කියාපායි.
බුදුරුවගල පිහිටි පර්වතයේ හි රූප 7 ක් මතුකොට නෙළා ඇත. මෙහි මැද බුද්ධ රූපයෙකි. එය ගලෙහි අඩක් මතුකොට නෙළා ඇත. මතුපිට තවරා ඇති බදාමෙහි වර්ණ තවරා ඇත. ලංකාවේ මෙතෙක් සොයාගනු ගැපු මහායානික ශිල්පක්‍රම අන්තර්ගතවන විශාලම බුදුපිළිමය බුදුරුවගල පිළිමයයි. පිළිමය අභයමුද්‍රාව හෙවත් ආශිර්වාද මුද්‍රාව නිරූපණය කොට ඇත. මෙම ප්‍රතිමාව දෙපස බෝධි සත්ව ප්‍රතිමා දක්‌වා ඇත. එක් පැත්තකින් ප්‍රතිමා තුන බැගින් දෙපැත්තේ ප්‍රතිමා 6 ක් නිමකොට ඇත.
බුද්ධරූපය දෙපස ඇත්තේ අවලෝකිතේස්‌වර පද්මපාණී බෝසත් රූපයකි. අවලෝකී තේස්‌වර රූප දෙපස තාරා දේවියගේ සුධානා කුමරිය වම්පස වඡ්‍රපාණි රූපය දක්‌වා තිබේ. ඔහුගේ දෙපස බෝධී සත්ව රූප දෙකකි. මෙහි තිබෙන අවලෝකිතේස්‌වර පද්මපාණි බෝසත්රුව ලංකාවේ ඇති විශේෂම ලක්‍ෂණ ඇති පිළිමයකි. එම පිළිමයේ ඔටුන්නෙහි අමිතාභ බුදුන්ගේ රූපය දැක්‌වේ. අමිතාභ අවලෝකිතේස්‌වරගේ ගුරුවරයාවේ. අවලෝකිතේස්‌වරගේ දේවිය තාරාදේවිය වන අතර ඇයගේ රූපය ඒ අසලින් ම නිරූපණය කොට ඇත. අවලෝකිතේස්‌වර රූපයෙහි අඩවන් දෙනෙත් ලඹ සවන් නිර්මාණ කොට ඇති අතර දෑතෙහි කටකහස්‌ත මුද්‍රාව නිරූපණය කොට ඇත ඉණවටා බඳින ලද පටියකි. උඩුකය නග්නවේ. අවලෝකිතේස්‌වර රූප මහායාන ආගම තුළ වඩාත් ඡනප්‍රිය ප්‍රතිමා විශේෂයකි.