තොඑවිල සමාධි බුදුපිළිමය
 

මෙම බුදුපිළිමය වර්තමානයේ දැකබලා ගතහැකි වන්නේ කොළඹ කෞතුකාගාරය තුළදී ය. අනුරාධපුරයට අසාන්න තොඑවිල ග්‍රාමයේ තිබී සොයාගන්නා ලද මෙම පිළිමය අනුරාධපුර සමාධි බුදුපිළිමයට වඩා මදක්‌ කුඩා වු පිළිමයකි. ඉන්දියාවේ අමරාවතී කලා සම්ප්‍රදායට අනුව නිමකර ඇති මෙම බුදුපිළිමය වීරාසන ක්‍රමයෙක්‌ සහ ධ්‍යාන මුද්‍රාවෙන් නෙළා ඇති සමාධි බුදුපිළිමයකි. බුදු පිළිමයේ චීවරය එක්‌ ඉරකින් පමණක්‌ පෙන්වා හිසකෙස්‌ බුබුලු ආකාරයෙන් දක්‌වා ඇත. චතුර්මාණ ප්‍රතිමා ප්‍රමාණ මුලධර්මය භාවිතයට ගනිමින් සාදනලද බුදු පිළිමයකි. පිළිමයේ විශේෂ ලක්‍ෂණය වන්නේ ගෙල ත්‍රිවලියකින් සමන්විත කොට තිබීමයි. ක්‍රි.ව. 5 වන සියවසට අයිතිවන වන මෙම බුදුපිළිමය උස අඩි 5 අගල් 9 කි. මෙම පිළිමය නෙළා තිබෙන්නේ තද කඑගල් විශේෂයකින් නොව සුදුපැහැයට හුරු ගල් වර්ගයකිනි.

 

(c) Shilpa Sayura Foundation 2006-2017