අවුකන බුදුපිළිමය ක්‍රි.ව. 5 වන සියවස ට අයිති බුදුපිළිමයකි. මෙය නිර්මාණය කරනු ලැබුවේ ධාතුසේන රඡතුමා විසිනි. මෙය බොහෝදෙනා පිළිගන්නා මතයෙකි. නමුත් මෙය ක්‍රි.ව. 8 9 සියවස්‌වලදී නිර්මාණය කළ බවත් ධතුසේන රඡතුමාගේ කාලයේ සිරස්‌පත නිර්මාණය කළ බවත් ඉතිහාසඥයන් විසින් කරුණු ඉදිරිපත් කොට ඇත. ධාතුසේන රඡතුමා ක්‍රි.ව. 5 වන සියවසේ සිටියා නම් මෙය ඔහුගේ නිර්මාණයක් නම් අනිවාර්යයෙන් මෙම බුදුපිළිමය ක්‍රි.ව. 5 වන සියවසට අයිතිවන බුදුපිළිමයකි.
අවුකන බුදුපිළිමය ඉන්දියාවේ අමරාවතී කලා සම්ප්‍රදායට අනුව ගොඩනගන ලද බුදුපිළිමයකි. බුද්ධ ප්‍රතිමා ප්‍රමාණ මුලධර්ම අනුව ලඹතටුව නවතාල ක්‍රමය භාවිතයට ගනීමින් මෙම පිළිමය නිර්මාණය කොට ඇත. පිළිමයේ හිස බෙලිකටු හැඩයේ කොණ්‌ඩය සිවුරේ රුළි දියරුල්ලේ හැඩය යටට අඳනයක් ඇඳිසිටින බව දකුණු අර විවෘත බව අමරාවතී කලා සම්ප්‍රදායේ විශේෂ ලක්‍ෂණයකි. එමනිසා මෙම බුදුපිළිමය ඉන්දියාවේ අමරාවතී කලා සම්ප්‍රදායට අනුව නිමකොට ඇත .
අවුකන බුදුපිළිමය පිහිටි ගලේ උන්නතව නිර්මාණය කරන ලද බුදුපිළිමයකි. පර්වතයේ පිටුපස ඉතිරිකර ඇත්තේ පටුගල් තීරුවකි. උස මහත අගපසග ප්‍රමාණ ව්‍යුහ විද්‍යාවට අනුව සම්පිණ්‌ඩනය වන ආකාරයට නෙළා ඇත. ප්‍රතිමාවේ පාදයට යොදා තිබෙන්නේ පද්ම පීඪයකි. එම පද්ම පිඨය යට තිබී ඉන්ද්‍ර යාම වරුණ කුවේර යන දෙවිවරුන්ගේ රූපද බ්‍රහ්ම රූපයක්‌ද සොයාගෙන ඇත. අවුකන බුදුපිළිමයේ මාපට ඇගිලි දෙක අතර ඇති කතිරය සහිත සලකුණ එම කාලයේ ප්‍රතිමා ප්‍රමාණ මුලධර්මවලට භාවිතකළ ළඹතටු ක්‍රමයේ එන විශේෂ ලක්‍ෂණයක් වර්තමානයේ ද දැකබලා ගත හැකිවේ. ධාතුසේන රඡතුමා බුදුපිළිම කිහිපයකට සිරස්‌පත යෙදු බවත් ඒ සම්බන්ධ විස්‌තරයේ මහාවංශයේ සඳහන් වන්නේ කේතුමාලා වශයෙනි. සිරස්‌පත වශයෙන් භාවිතකර ඇත්තේ පසුකාලයේදී වේ. මෙම බුදුපිළිමයට සමාන පිළිම දෙකක් (අඩි 175) ඇප්ගනිස්‌ථානයේ බාමියන් ප්‍රදේශයෙන් හමුවේ. එම ප්‍රදේශ ආශ්‍රිත පුරාණ ග්‍රන්ථවල අවකන් වොක්‌කාන යනුවෙන් හඳුන්වා ඇති අතර එහි ආභාසයෙන් මෙම ස්‌ථානය අවුකන වශයෙන් භාවිත වන්නට හේතුවි යෑයි මතයක් පවතී.
මෙම පිළිමයේ මුඑ උස අඩි 42 කි. පිළිමයේ කේශ කුණ්‌ඩිලාකාරය දෙනෙත් විවෘතවේ නාසය සෘඡුය සිනහව අධිකය සිවුරේ රුළිචලන ගති නිරූපණය කරයි. ශිල්ප මුලධර්මවල එන ක්‍ෂය වෘද්ධිභාවය මැනවින් නිරූපණය කරයි. බුදුන්වහන්සේ දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම ස්‌වභාවය මුර්තිමත් කරන බව විචාරක අදහසකි. ශ්‍රි ලංකාවේ ඇති පැරණි වුත් විශාල ම වුත් ප්‍රතිමාව වන්නේ අවුතන බුදුපිළිමයයි.
මෙම පිළිමයේ මුඑ උස අඩි 42 කි. පිළිමයේ කේශ කුණ්‌ඩිලාකාරය දෙනෙත් විවෘතවේ නාසය සෘඡුය සිනහව අධිකය සිවුරේ රුළිචලන ගති නිරූපණය කරයි. ශිල්ප මුලධර්මවල එන ක්‍ෂය වෘද්ධිභාවය මැනවින් නිරූපණය කරයි. බුදුන්වහන්සේ දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම ස්‌වභාවය මුර්තිමත් කරන බව විචාරක අදහසකි. ශ්‍රි ලංකාවේ ඇති පැරණි වුත් විශාල ම වුත් ප්‍රතිමාව වන්නේ අවුතන බුදුපිළිමයයි.