04. වජ්‍රාසනය
 
වජ්‍රාසනය යනු දියමන්තියයි. එය දිප්තියේ සංකේතයකි. වෛදික යුගයේ වඡ්‍රය ඉන්ද්‍රගේ සංකේතය ලෙස භාවිතයට ගෙන ඇත. මහායාන සම්ප්‍රද්‍රයේ සංවර්ධනය සමග බිහිවු තන්ත්‍රයානික ඉගැන්විම් වලග එන අවි න්‍යාහි බල ශක්‌තිය පරම සත්‍ය යන්නෙහි සංකේතය වඡ්‍ර සංකේතයට සම්බන්ධකර ඇත. එමනිසා වඡ්‍රයට විශේෂ ස්‌ථානයක්‌ ලැබි ඇත.  ටිබෙට්‌ වීන රටවල වජ්‍රාසනය නමින් නිකායක්‌ පවා ආරම්භ වී ඇත.
 
තන්ත්‍රසාර නම් ග්‍රන්ථයේ වජ්‍රාසනය විස්‌තර කරන්නේ දණහිස නවා දෙපතුල් උඩු අතට දෙකලවා මත තබා ඒ මත දෙඅත්ල තබා සිටිම වශයෙනි. භාවනානුයෝගී ස්‌වරූපය සංකේතවත් කරයි. බොහෝ දුරට මෙය පද්මාසන ක්‍රමයට සමාන කමක්‌ දක්‌වයි. දැඩි අධිෂ්ඨානය බුද්ධත්වාවබෝධය බෝමැඩට පිටදී සිටි ආකාරය මින් නිරූපණය වන බව බොහෝ විචාරකයින්ගේ අදහස වේ.
ආචාර්ය ආනන්ද කුමාරස්‌වාමි මහතා පවසන පරිදි පොළොන්නරු ගල් විහාරයේ හිඳිපිළිමය වජ්‍රාසනය ලක්‍ෂණ ඇති ප්‍රතිමාවකි. මහායාන ආගම ව්‍යාප්තවු ටිබෙට්‌ වීන හා ඡපන් ආදී රටවල මෙම වජ්‍රාසනය ප්‍රතිමා බහුලව නිර්මාණය කොට ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017