ලංකාවේ මෙම ආසන ක්‍රමය අභාවිත නමුත් අම්බලන්තොට රිඳියාගම විහාර භුමියේ තිබී සොයාගත් ලෝහ ප්‍රතිමාවක් ඇත. මෙය මෙරටට විදේශියකින් ගෙන එන ලද්දක් යෑයි අනුමාන කොට ඇත. මෙම ආසන ක්‍රමයේ විශේෂ ලක්‍ෂණය නම් බුදුන් වහන්සේගේ දෙපතුල් තැබිම සඳහා පද්ම පිඨයක් පාමුල නිර්මාණය කොට තිබිමයි.
භද්‍රාසනය යන වචනාර්ථයට නුව භද්‍රාසනය යනු යහපත් වු සුභ ආසනය යන්නයි. තරමක් උසට තනනලද විශේෂ ආසනයක් මත හිඳ කලවා දෙපසට විහිදුවා ආසනයෙන් පහතට වැටෙන පාදදෙක පීඨයක් මත සිටින අයුරින් යෙදීම භද්‍රාසන ක්‍රමයේ මුලික ලක්‍ෂණය වේ. භාරතීය බුද්ධප්‍රතිමා අතර භද්‍රාසන ලක්‍ෂණයෙන් යුත් පැරණිම නිර්මාණය ක්‍රි.ව.5 වන සියවසට පමණ අයත් යෑයි සැලකිය හැකි අඡන්තාවේ චෛත්‍ය ගෘහය තුළ දක්‌නට ඇති ප්‍රතිමාව සඳහන් කළ හැකි වේ.