කළගෙඩි නැටුම
 
කළගෙඩි නැටුම් සැදී ඇත්තේ ගැමි ලියන් වතුර ගෙන ඒමට ඇළට, දොළට, ලිඳට ගමන් කරන දෛනික ගැමි ක්‍රියාකාරකමක්‌ ඇසුරිනි. ගම්පද පෙදෙස්‌ වල වර්තමානයේදිත් මෙම කටයුත්ත දක්‌නට ලැබේ. කළ ගෙඩි නැටුම ස්‌ත්‍රීන් විසින් ඉදිරිපත් කරන නැටුමකි. කළගෙඩියක්‌ අතින් ගෙන කරන සාමුහික රංගනයකි. කළගෙඩි නැටුමේ යම් අංග චලනයන් තුල ගැමි ලියන් ජල ක්‍රීඩා කරන අයුරුද විදහා දක්‌වයි. පෙරහැර පිංකම් අවස්‌තාවන් හි දක්‌නට ලැබෙන සුලබ නර්තනයකි.
 
 කළගෙඩි නැටුමකට සුදුසු ගී
 
 මුනිදුන් සඳහන් කර හැම වේලේ
 දෙවියන් සිහිකර ගෙන ඒ වේලේ
 යවහන් තෝරා කියනා කෝලේ
 අසදන් වියතුනි කළගෙඩි මාලේ
 
 පේලී ගැසී අඟනෝ සැරසීලා
 නීල වරල කුසුමින් ගවසාලා
 කෝල නොවී සබ මැදට වැදීලා
 බාල ලියන් කළ පිඹිති නටාලා
(c) Shilpa Sayura Foundation 2006-2017