දකුණු අත පහත් කොට ඉදිරියට දිගහැර අත්ල උඩු අතට හරවා ඇඟිලි දිගහැර තිබීම වරද මුද්‍රාවේ ප්‍රධාන ලක්ෂණය වේ. වරද මුද්‍රාව බුද්ධ ප්‍රතිමා අතර බෙහෙවින් දක්නට ලැබෙන්නේ ඉන්දියානු බුදුපිළිම වල වේ. එහි පැරණි ම වරද මුද්‍රාවෙන් යුතු පිළිමය හමුවන්නේ සාරානාත් කෞතුකාගාරයෙනි.
ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන ලද බුද්ධ ප්රතිමාවල වරද මුද්‍රාව දක්නට නොලැබුණ ද දැනට ගඩලාදෙණිය විහාරයේ ඇති ලෝකඩ බුද්ධ ප්‍රතිමාවේ වම් අත දැක්වෙන්නේ වරද මුද්‍රාවෙනි. මෙය ධර්මකීර්ති නම් තෙර නමක් විසින් මෙරටට ගෙනෙන ලද්දක් බව සැලකේ. මෙයට අමතරව වරද මුද්‍රාව සහිත ලෝකඩ බෝධිසත්ව ප්‍රතිමා කිහිපයක් ද ශ්‍රී ලංකාවේ නිර්මාණයන් වශයෙන් හමුවි ඇත.
වර යන්නෙහි අර්ථ කිහිපයක් ම ඇත. උතුම් ශ්‍රේෂ්ඨ පොරොන්දුව ප්‍රාර්ථනය යන තේරුම් සඳහා යොදාගෙන ඇත. වරං දද්රති යන තැන නාමයක් වශයෙන් ගතහොත් වරයක් දීම පොරොන්දුවක් ගැනීම යන තේරුම ගෙන දෙයි. ඡාතක කථාවල විවිධ පුද්ගලයින් යම් යම් දේ කිරිමට රඡවරුන්ගෙන් දෙවිවරුන්ගෙන් වර ලබාගත් බව සඳහන් වෙයි. වර මුද්‍රවෙන් පෙන්වන්නේ යම් ම් දේ කිරීමට යම් තත්වවලට පැමිණිමට උන්වහන්සේ වෙත පැමිණි අයට වර දීමට බුදුන් වහ්නසේ තුළ ඇති ආශ්චාර්යවන් ලක්ෂණය යෑයි බොහෝ විචාරකයින්ගේ අදහස වේ. මෙම මුද්‍රාව පිළිබඳ විවිධ මත දක්නට ඇත.
වරද මුද්‍රාවන් දැක්වෙන සංකේතාර්ථය වන්නේ බුදුන් වහන්සේගේ කරුණාගුණය මුර්තිමත් කිරීම බව එක් මතයකි.
තවත් මතයක් වන්නේ බුදුන්වහන්සේගේ පරිත්‍යාගශීලි ගුණය ඉන් නිරූපණය වන බවයි.
සමහර ග්‍රන්ථවල වරද වෙනුවට ද්රන මුද්‍රාව යන වචනය සඳහන් වී තිබිමෙන් මෙම මුද්‍රාව ද්‍රනය සංකේතවත් කිරීමට මුර්ති ශිල්පීන් විසින් භාවිතයට ගන්නට ඇතැයි අනුමාන කෙරේ.
වරද මුද්‍රාව ගුරුමුෂ්ටි තබා නොගත් බව ඇගවීමකැයි යනු ද බොහෝ විචාරකයින්ගේ අදහස වේ.