ශාස්‌ත්‍රීය නැටුම්
 
සම්මත නීති රීති මාලාවක්‌ යටතේ සෑදුනු , මොනයම් හේතුවක්‌ නිසාවත් වෙනස්‌ නොවෙන නැටුම් ශාස්‌ත්‍රීය නැටුම් නමින් හදුන්වනු ලබයි. මේ ශාස්‌ත්‍රීය නැටුම් සාම්ප්‍රදායික වශයෙන් පැවත එන නැටුම් විශේෂයක්‌ වේ. මේ නැටුම් වල , තිත් , බෙරපද, කස්‌තිරම්, ඉරට්‌ටි, කලාසම්, සීරුමාරු, අඩවු ආදිය සම්මත රටාවකට අනුව පවතී. මෙම නැටුම් බොහෝවිට අපට දක්‌නට ලැබෙන්නෙ ශාන්තිකර්ම ආශ්‍රිතවය. පාරම්පරිකව පැවතෙන මෙම ශාස්‌ත්‍රීය නැටුම් වල එයට නියමිත ඇදුම් කට්‌ටලයක්‌ ද දක්‌නට ලැබේ.

අපට හමුවන ප්‍රධාන ශාස්‌ත්‍රීය නැටුම් කිහිපයකි මේ
 * මංගලම් නැටුම
 * අස්‌නේ
 * වට්‌ටම්
 * යක්‌ ඇනුම
 * ආවැන්දුම
 * හත්පදය
 * බුලත් පදය
 * සළු පාලිය
(c) Shilpa Sayura Foundation 2006-2017