04. විතර්ක මුද්‍රාව
 

ඥාන මුද්‍රාව, සන්දර්ශන මුද්‍රාව, චින් මුද්‍රාව, උපදේශක මුද්‍රාව, යන නම් භාවිත කරනු ලැබේ. අත්ල පපු ප්‍රදේශයට ප්‍රමාණ වන පරිදි දකුණු අත උඩට නමා දබරඟිල්ල මාපටඟිල්ල උඩට කවයක්‌ ඇතිවන ආකාරයෙන් තබා සිටීම මෙහි මුලික ලක්‌ෂණය වේ. බුද්ධ ප්‍රතිමා කලාවේ විතර්ක මුද්‍රාව දැක්‌වෙන පැරණිම නිදර්ශනය වන්නේ දැනට ඉන්දියාවේ තක්‌ෂිලා කෞතුකාගාරයේ තබා ඇති ධර්ම රාඡික නම් ස්‌ථානයෙන් සොයාගත් ගෞතම බෝධිසත්ව ප්‍රතිමාවයි.


ශ්‍රී ලංකාවේ මෙම මුද්‍රාව සහිත ව හමුවන ප්‍රථම බුදු පිළිමය දැනට කොළඹ ඡාතික කෞතුකාගාරයේ තබා ඇති ක්‍රි.ව. 5 - 6 ශතවර්ෂවලට අයිති බදුලු දිස්‌ත්‍රික්‌කයෙන් හමු වී ඇති හිදි පිළිමයයි.

මාපට ඇඟිල්ල හා දබරඟිල්ල එකතු කිරීමෙන් (චක්‍රය) කවයක්‌ ඇතිවන අයුරින් නිර්මාණය කිරීම සංකේතවත් කරන්නේ ධර්ම චක්‍රය හෙවත් සනාතන ධර්මය බව එක්‌ මතයෙකි. බුදුන්වහන්සේ දේශනා කළ ධර්මයෙහි මුලික ඉගැන්විම් රාශියක්‌ වක්‍ර සංකේතයෙන් පැහැදිලි කර ඇත. භව චක්‍රය හෙවත් සංසාර චක්‍රය ධර්ම චක්‍රය හෙවත් ධර්ම නියාමය හා අටලෝදහම ඉන් කිහිපයකි. මේ අනුව මෙම මුද්‍රාවෙන් සංකේතවත් කරන්නේ බුදුන්වහන්සේගේ සනාතන ධර්මයයි. මෙම විතර්ක මුද්‍රාවේ වමතෙන් නිරූපණය වන්නේ බුදුන්වහන්සේගේ භාවනා බලය හෙවත් සමාධි ගුණයන් තෙඡෝ ධාතුව (ගින්න) සමග සම්බන්ධ වු අද්වීතිය ඥාන බලයත් ය.


මෙයට උදාහරණ ලෙස බදුල්ලේ ලෝකඩ ප්‍රතිමාව. කොළඹ ඡාතික කෞතුකාගාරය අනුරාධපුර පන්කුලිය පිළිමය දැක්‌විය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017