දකුණු අත උඩට නමා ඇඟිලිි සම්පුර්ණයෙන් ම දිගහැර අත්ල ඉදිරිපසට සිටින සේ විවෘතව තැබිම මෙම මුද්‍රාවෙහි සාමාන්‍ය ලක්ෂණය වේ.
අභය මුද්‍රාවෙන් මුර්තිමත් කරන සංකේතාර්ථය නම් නිර්භයත්වයයි. බුදුදහමට අනුව පෘථග්ඡන සත්වයා නිරන්තරයෙන් ම බියෙන් පසුවෙමින් ඡිවත් වෙයි. ඡාති ඡරා ව්‍යාධි මරණ ආදිය එකී බිය වර්ධනය වන ප්‍රධාන සාධකයි. යමෙක් එකී කෙලෙස්වලින් මිදුණේ නම් ඔහුට බියක් හෝ ශෝකයක් නැත. බුදුහු සියලු සත්වයන්ට ආරක්ෂාව ලබාදෙති. මෙය එක් මතයෙකි. අනෙක් මතය නම් අභය මුද්‍රාවෙන් බුදුන්වහන්සේ ගේ දේශනා විලාසය ම නිරූපණය වන බවයි.
උදාහරණ ලෙස ලංකාවේඅවුකන පිළිමය මැදවච්චියේ ලෝහ බුද්ධ ප්‍රතිමාව (ක්‍රි.ව. 400 වර්ෂය) අනුරාධපුර කෞතුකාගාරය මාලිගාවිල බුදුපිළිමය කුරූණෑගල ලෝහ බුද්ධ ප්‍රතිමාව - රුස්සේරුව හිටිපිළීමය (ක්‍රි.ව. 8 ශ.ව. බුදුරුවගල හිමිපිළිමය දැක්විය හැක)
අභය මුද්‍රාව(ආශිර්වාද මුද්‍රාව) - ආව්කන බුද්ධ ප්රතිමව