ප්‍රථම පුරුෂ උක්‌ත - අනුක්‌ත ස්‌වරූපයන්
 

ප්‍රථම පුරුෂ ඒක වචන උක්‌ත හා අනුක්‌ත ස්‌වරූපයන්

පණ්‌ඩිතයා (උක්ත) - පණ්‌ඩිත (අනු උක්ත හෙවත් අනුක්ත)
රජු - රජ
කොල්ලා - කොල්ලා
කෙල්ල - කෙල්ල
ඔහු - හේ
හෙතෙම - හේ
ඇය - ඈ,ඕ

ප්‍රථම පුරුශ බහූ වචන උක්‌ත හා අනුක්‌ත ස්‌වරූපයන්

මිනිස්‌සු - මිනිසුන්
ගැහැනු - ගැහැනුන්
ළමයි - ළමයින්
ගුරුවරු - ගුරුවරුන්/ගුරුවරයින් (ගුරුවරයන් නොවේ)
ලිපිකරුවෝ - ලිපිකරුවන්
ලිපිකාරිනියෝ-ලිපිකාරිනියන්
රජවරු - රජවරුන්
රජහු - රජුන්
ඔවුහු - ඔවුන්
කුමරුවෝ - කුමරුවන්
කුමරහු - කුමරුන්
සොරු/සොරහු- සොරුන්
ඇත්තු-ඇතුන්
පුත්‍රයෝ- පුත්‍රයින් (පුත්‍රයන් නොවේ)
ලියෝ -ලියන්
කාන්තාවෝ- කාන්තවන්
සිංහලයෝ- සිංහලයින් (සිංහලුන් නොවේ)
බළල්ලු - බළලුන්
අඟනෝ- අඟනන්
ස්‌ත්‍රීහු - ස්‌ත්‍රීන්
ඇතැම්හු - ඇතමුන්
පණ්‌ඩිතයෝ - පණ්‌ඩිතයන්

කාන්තාවුන්, අඟනුන්, කාන්තාවියන් යනු නිවැරදිද ? විමසන්න.

 
(c) Shilpa Sayura Foundation 2006-2017