02 ධර්මවික්‍ර මුද්‍රාව
 

ධර්මචක්‍ර මුද්‍රාව බුදුන් වහන්සේ ගේ ධර්ම දේශනා විලාශය සංකේතවත් කරන්නකි. ධර්ම චක්‍ර මුද්‍රාව හැඳිනගත හැකි ප්‍රධාන ලක්‌ෂණය නම් දකුණු අත්ල පිටතට හරවා පපුවේ මට්‌ටමට තබාගෙන එහි දබර ඇගිල්ලේ හා පාමට ඇගිල්ලේ තුඩුදෙක කවයක්‌ සෑදෙන සේ එකට තබා ඇතුළට හැරුණු වම් අතේ ඇඟිල්ලක්‌ ස්‌පර්ශ කරන අයුරින් පැවතීමයි.


බෝහෝ විචාරකයින්ගේ අදහස වන්නේ එය දැතේ ඇගිලිවනිල් නවගුණ වැල ගණින ආකාරයක්‌ දක්‌වන බවයි. ටිබෙට්‌ ඡපන් ආදී රටවල මෙම මුද්‍රාව නිරූපණය කිරිමේදී අත් ඇඟිිලි විවිධ ආකාරයෙන් නිරූපණය කර තිබේ.


උදාහරණ ලෙස ඉන්දියාවේ සාරානාත් බුදුපිළිමය හා ඉන්දියාවේ අජන්තා චිත්‍ර ලෙන් අංක 17 දැක්‌විය හැකියි.


ධර්ම චක්‍ර මුද්‍රාව සහිත බෝධිසත්ව ප්‍රතිමා හෝ බුද්ධ ප්‍රතිමා හෝ ලංකාවේ දක්‌නට නොලැබේ.


 

ධම්මචක්‍ර මුද්‍රාව -ඉන්දියාවේ සාරානාත් බුදුපිලිමය




 

(c) Shilpa Sayura Foundation 2006-2017