මුද්‍රා යනු විවිධ අර්ථවල යෙදෙන වචනයකි. සන්නස පුවරුව වලංගු බව හඟවන ලකුණ ලාංචනය සංඥාව ආදී අර්ථ රාශියක් සංස්‌කෘත ශබ්ද කෝෂවල ඉදිරිපත් කොට ඇත.
ප්‍රතිමා ශිල්ප ශාස්‌ත්‍රයට මුද්‍රා යන්න යොදා ගනු ලැබුවේ වලංගු භාවය දක්‌වන ඇගිලි සලකුණ හා අත්වලින් හඟවන සංඥාව හෙවත් සන්නිවේදනය ප්‍රකට කිරීමයි.
මුද්‍රවල දී මුලිකත්වය ලැබෙන්නේ අත් සහ ඇගිලිවලින් දැක්‌වෙන අභිනයන්ට නිසා ශිල්ප ශාස්‌තරයෙහි දී මුද්‍රා වෙනුවට හස්‌ත යන වචනය ද භාවිත වී ඇත. ප්‍රතිමා ශිල්ප ශාස්‌තරය අධ්‍යයනය කළ උගතුන් හින්දු ප්‍රතිමා විෂයෙහි ඇති මුද්‍රා 64 ක් පිළිබඳ තොරතුරු හැඳිනගෙන ඇත.
මුද්‍රා අතර
1 ධ්‍යාන හෙවත් සමාධි මුද්‍රාව
2 ධර්ම චක්‍ර මුද්‍රාව
3 අභය මුද්‍රාව (අශිර්වාද මුද්‍රාව)
4 විතර්ක මුද්‍රාව (ව්‍යාඛ්‍යාන සන්දර්ශන මුද්‍රාව චින්මුද්‍රාව)
5 භුමි ස්‌පර්ශ මුද්‍රාව
6 වරද මුද්‍රාව
7 පරදුක්‌ඛ දුක්‌ඛිත මුද්‍රාව
2 ධර්ම චක්‍ර මුද්‍රාව
3 අභය මුද්‍රාව (අශිර්වාද මුද්‍රාව)
4 විතර්ක මුද්‍රාව (ව්‍යාඛ්‍යාන සන්දර්ශන මුද්‍රාව චින්මුද්‍රාව)
5 භුමි ස්‌පර්ශ මුද්‍රාව
6 වරද මුද්‍රාව
7 පරදුක්‌ඛ දුක්‌ඛිත මුද්‍රාව
මෙයට අතිරේකව මහායාන ආගම හා තන්ත්‍රයානය ආභාසය ලැබු ප්‍රතිමාවල වජ්‍රාඤ්ඡලීකරණ - අභිෂේක අඡ්‍රහුංකර හා ඥානමුද්‍රා වශයෙන් තවත් මුද්‍රා කිහිපයක් පිළිබඳ තොරතුරු හැඳිනගෙන ඇත.
ප්‍රතිමා ශිල්ප ශාස්‌ත්‍රයට අනුව මුද්‍රා හුදෙක් ඇගිලිවලින් මෙන් ම අතට ගත් ආයුධ ආදි වෙනත් උපකරණවලින් ද නිරූපණය කෙරේ.
ප්‍රතිමාවක් තුළින් ශිල්පියා මුර්තිමත් කිරීමට අදහස් කරන අර්ථය සංකේතවත් කිරීමට මෙම මුද්‍රාව මහෝපකාරී වේ.
| භූමි ස්පර්ශ මුද්‍රාව |
| ධ්‍යාන, සමාධි මුද්‍රා |
| බුද්ධාශ්‍රමණ මුද්‍රාව |
| වරද මුද්‍රාව |
| ධර්මචක්‍ර මුද්‍රාව |
| උත්තරබෝධී මුද්‍රාව |
| වජ්‍රහමිකාර මුද්‍රාව |
| අන්ජලී මුද්‍රාව |
| කරන මුද්‍රාව |
| නමස්කාර මුද්‍රාව |
| ක්‍ෂේපණ මුද්‍රාව |
| තර්ජානී මුද්‍රාව |
| තර්පන මුද්‍රාව |
| විතර්ක මුද්‍රාව |
| ත්‍රෛලෝකවිජය - භූතධම්ර |
| අභය මුද්‍රාව |
| අභය මුද්‍රාව |
| අභය මුද්‍රාව |