කතෘ කාරක, කර්ම කාරක වාක්‍ය සාදනයේදී බලපාන ප්‍රධාන ලක්ෂණයක් නම්, නාම පදවල උක්ත අනුක්ත වෙනස් කමයි.
කතෘ කාරක වාක්‍යවල කතෘ උක්ත වී කර්මය අනුක්ත වේ.
කතෘගේ ක්‍රියාවට යටත් වන පදය කර්මය නම් වේ.
කර්ම කාරක වාක්‍යවල කර්මය උක්ත වී කතෘ අනුක්ත වේ.
පහත වාක්‍ය කතෘ කාරකයට හරවා ලියන්න.
ළමයින් විසින් ගස් සිටුවෙති. - ළමයි ගස් සිටුවති.
සෙබළුන් විසින් බලකොටුව වැණසිණි. -සෙබළුන් බලකොටුව වනසුවෝය.
බළලුන් විසින් මීයන් අල්ලනු ලබත්. - බළල්ලු මීයන් අලලත්.
දෙමව්පියන් විසින් දරුවෝ රකිත්. - දෙමව්පියන් විසින් දරුවෝ රකියි.
ජනපති විසින් අණ කරන ලදි. - ජනපති අණ කළේය.
පහත කතෘ කාරක වාක්‍ය කර්ම කාරකයට හරවා ලියන්න.
වඩුවා දොර සෑදුවේය. - වඩුවා විසින් දොර සාදන ලදි.
රජු රට රකී. - රජුන් විසින් රට රකී.
ගවයෝ ගැල් අදිති. - ගවයින් විසින් ගැල් අදිත්.
කොටියා මිනිසුන් මැරුවේය. - කොටියා විසින් මිනිසුන් මරන ලදි.
අම්මා මට බත් කැව්වාය. - අම්මා විසින් මට බත් කවන ලදි.