කර්ම කාරක වාක්‍ය
 

කර්ම කාරක වාක්‍ය වල කර්මය උක්‌තය වෙයි.
එයට විසින් නම් නිපාතය එකතු වෙයි.
ඒ අතරම ලදි, ලබති ආදි පද එක්‌වෙයි, එනම් නිරුත්සාහක වෙයි.

මිනිසුන් විසින් ගස්‌ කපනු ලබයි.
මා විසින් පොත ලියන ලදි.
බල්ලන් විසින් සාවුන් අල්ලනු ලබති.
එළදෙන විසින් තණ කන ලදි].

ගස්, සාවුන්, පොත, තණ ආදී නාම මෙහි උක්තය වී මිනිසුන්, මා, බල්ලන්, එළදෙන යන නාම අනුඋක්ත වී ඇත.

එම වාක්‍ය පහත පරිදිද ලිවිය හැක. එවැනි අවස්ථාවලදී උක්තය හා අනුඋක්තය විමසන්න.

මිනිසුන් විසින් ගස්‌ කැපේ. (කැපෙන්නේ ගස්ය)
මා විසින් පොත ලියවේ. (ලියවෙන්නේ පොත්ය)
එළදෙන විසින් තණ කැවිණි. (කැවෙන්නේ තණය)
බල්ලන් විසින් සාවුන් ඇල්ලිනි. (ඇල්ලෙන්නේ සාවුන්ය)

තාත්තා මා රකී.
තාත්තා විසින් මා රකිනු ලබමි.
තාත්තා විසින් මම රැකෙමි.

විදුහල්පතිතුමා ගුරුවරියක කැඳවූවේය.
විදුහල්පතිතුමා විසින් ගුරුවරියක කැඳවන ලදි.
විදුහල්පතිතුමා විසින් ගුරුවරියක කැඳවනු ලැබුවාය.

 
(c) Shilpa Sayura Foundation 2006-2017