දේවස්‌ථාන පෙරහැර
 
සෑම ක්‍රිස්‌තියානි දෙව් මැදුරකම වර්ෂයක්‌ පාසා මංගල්‍යයක්‌ සිදු කරනු ලැබේ. එයින් අදහස්‌ කරන්නේ දෙව් මැදුර කැපකර ඇති සාන්තුවරයාගේ ගුණ සිහි කරමින් පිහිට පැතීමය.
දෙව් මැදුරට සීමා වූ ප්‍රදේශයේ කතෝලික බැතිමතුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය උත්සවාකාරයෙන් සිදු කෙරේ. මංගල්‍යය පැවැත්වීමට සතියකට හෝ දෙකකට කලින් දේවස්‌ථානයට අයිති සියලුම කතෝලික බැතිමතුන් එකතු වී කොඩිගසක්‌ සිටවනු ලැබේ. එයින් ද කියවනුයේ මංගල්‍යයක්‌ ළගදී පැවැත්වීමට ඇති බවය.
දෙව් මැදුරුවල විශේෂයෙන් ඒ ඒ නාම සාන්තුවරයාගේ පිළිරුව රැගෙන බැතිමත්හු ගම් සීමාව තුළ පෙරහැර පවත්වති. ඔවුහු අලංකාර ලෙස වීථී සරසා නාම සාන්තුවරයාගේ ගුණ ගායනා කරමින් පිහිට පතා යාච්ඥා කරති. එය දේවස්‌ථාන පෙරහැර ලෙස නම් කෙරේ.
පෙරහැරක ඇති සංස්‌කෘතික අංග
* දේවස්‌ථානයට අයත් සාන්තුවරයාගේ පිළිරුව
* ගීතිකා කණ්‌ඩායම්
* කොඩි, සේසත්, මුරායුධ, නැටුම් කණ්‌ඩායම්, බෑන්ඩ් කණ්‌ඩායම්, හේවිසි, කණ්‌ඩායම් ආදිය වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017