නිවැරදි ලෙස ලියූ වාක්‍යයක උක්‌තය එනම් කතෘ කාරකයද, කර්ම කාරකයද, අඛ්‍යාතය එනම් අවසාන ක්‍රියාවද නිවැරදිව එකිනෙකට ගැලපිය යුතුය.
වාක්‍යයේ අවසාන ක්‍රියාව කාලානුරූපවද, ස්‌ත්‍රී හා පුරුෂ ලිංගයන්ද අනුවද යෙදිය යුතුය.
සෙබළු සතුරු බලකොටු වනසති.
ගැහැණු දිය ගෙනෙති.
කුරුල්ලා අහසේ පියාඹයි.
බල්ලෝ පාන් කති.
ගොවියෝ සී සාති.
කතෘ: ක්‍රියාව කරන්නා
මෙහි සෙබළු, ගැහැණු, කුරුල්ලා, බල්ලෝ, ගොවියෝ යන පද වාක්‍යයේ කතෘ ලෙස හැඳින්වේ.
කර්මය: ක්‍රියාවට බඳුන් වන්නේ
බලකොටු, දිය, අහසේ, පාන්, සී යන පද වාක්‍යයේ කර්මය ලෙස හැඳින්වේ.
ආඛ්‍යාතය : ක්‍රියාව
වනසති, ගෙනෙති, පියාඹයි, කති යන පද අවසාන ක්‍රියා එනම් අඛ්‍යාත නම් වෙයි.
උක්ත ආඛ්‍යාත කර්මය විමසන්න
ඔබ වියරණ නොබිඳිති.
තෝ බොරු නොකියති.
ඇය ගමට ගියාය.
ගද්‍ය රචනයේදී උක්‌තය මුළට යෙදී ආඛ්‍යාතය අගට යෙදෙන මුත් පද්‍ය වල එය අන් අයුරින් යොදා ගත් බව පෙනේ.
"රජ ගෙට පිවිසි මැති ගණේ" (සිදත් සඟරාව)
"විය නිවනට ඉන් ප්‍රමාදය" (ගුත්තිලය)
"නොබිඳින් නෑනෝ මගේ කලේයා"
"යන්න රට වටේ - එන්න මා ප්‍රියේ"