බෙල්ලන්විල ඇසළ පෙරහැර
 
>දශක පහකට ආසන්න කාලයක්‌ තිස්‌සේ පැවත එන බෙල්ලන්විල ඇසළ පෙරහැර ආරම්භ කර ඇත්තේ වර්ෂ 1905 දී පමණය. නුවර පෙරහැරේ සාම්ප්‍රදායික අංග ලක්‌ෂණ ගුරුකොට ගෙන බෙල්ලන්විල පෙරහැර දේවාලවලට ප්‍රමුඛත්වයක්‌ පිරිනැමෙන සෙසු පෙරහැරවල් (නුවර පෙරහැර හැරුණු විට) මෙන් නොව ආගමික ආශිර්වාදයට මුල්තැනක්‌ ලබා දෙමින් කෙරෙන්නෙකි.

පෙරහැර ආරම්භකළ කාලයේ දෙසතියක්‌ නොකඩවා පිරිත් සජ්ගායනා කිරීමෙන් පසු පෙරහැර ඇරඹුන ද පසුව එය සති පිරිතක්‌ බවට පත්විය.

අද , දින තුනක්‌ හෝ හතරක්‌ මල් පෙරහැරක්‌ පවත්වා පෙරහැරේ කටයුතු ඇරඹෙන අතර කුඹල් පෙරහැර දිනයේ දී දොරකඩ අස්‌න පැවැත්වීම සිදු කරයි. කරඬුව පෙරටු කරගෙන දේවාල පෙරහැර පවත්වයි. තුන්වන දිනයේ රන්දෝලි පෙරහැර පවත්වයි. පෙරහැර අවසන් වන්නේ වේරැස්‌ ගඟෙහි දියකපා පන්සලට පැමිණ ගරායකුන් නැටීමෙන් අනතුරුව දෙන්නා වු දේව දානයෙනි. මෙහිද උඩරට, පහතරට, සබරගමු ආදී නැටුම් දැක ගැනීමට පුළුවන.
(c) Shilpa Sayura Foundation 2006-2017