දේවානම්පියතිස්ස රජුගේ සොයුරු මහානාග කුමරු කතරගම දෙවොල ඉඳිකළ බව කියවේ. දුටු ගැමුණු කුමාරයා ද්‍රවිඩ සංහාරයෙන් ජයපතා කතරගම දෙවියන්ට බාර වූ බැවින් තාරක නමැති අසුරයා පරාජය කොට ජය ලැබූ නිසා කතරගම සුරිදුන් යුද්ධයට අධිපති දෙවියකු ලෙස සැලකෙයි. එය ඒ අයුරින්ම ඉටුවූ හෙයින් කතරගම දෙවොල තැනූ බවට ද මතයක් වෙයි.කප් සිටුවා හතලිස් පස්වන දින කතරගම ඇසළ පෙරහැර ආරම්භ වෙයි. පෙරහැරේ ආරම්භයත් අවසානයත් දෙකම බෞද්ධ චාරිත්‍රවලට මුල්තැනක් දෙමින් පැවැත්වෙන ලංකාවේ එකම දේව පෙරහැර කතරගම ඇසළ පෙරහැරයි. පෙරහැර ඇරඹෙන්නේ කිරි වෙහෙර විහාරවාසී භික්ෂූන් වහන්සේලා වෙත ගොස් පිරිත් සජ්ගායනා කරවා රතන සූත්‍රයේ ආශිර්වාදය ලබා ගැනීමෙන් පසුවයි.
පෙරහැරේ දේවාභරණ රැගත් හස්තියා ඉදිරියෙන් සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කළ කරඬුව වැඩම කරවයි.උඩරට, පහතරට, සබරගමු ආදී විවිධ නැටුම්, වැයුම් වලින් මනහර වන පෙරහැරේ වැදි ගෝත්‍ර ජනයා ද ගමන් කිරීම කැපී පෙනෙයි. පෙරහැරේ විසිතුරු අංග අතර ප්රමුඛස්ථානයක් ගන්නේ කාබාඩි නැටුම ය. එය කඳ සුරිඳුන්ගේ ළමා කාලය සිහි කරවන්නෙකැයි විශ්වාස කරයි. ගිනි පෑගීම, ශරීරයට වද දී දේව භක්තිය පෙන්වීම කතරගම පෙරහැරේ දක්නට ලැබෙන විශේෂ සිදුවීම්ය.