වේල් යනු කතරගම දෙවියන් අත ඇති ආයුධයකි. වේල් පෙරහැර පවත්වනු ලබන්නේ කතරගම දෙවියන් අරමුණු කරගෙනය. එය ද්‍රවිඩ ජාතිකයින් විසින් පවත්වනු ලබන උත්සවයකි. හින්දු භක්තිකයෝ මේ සඳහා සහභාගි වෙති.
වේල් පෙරහැරේ මොනර නැටුම්, කාවාඩි, කොහොඹ කළේ ආදී නර්තන අංග ඇතුළත් වේ. මෙය ආඬිවේල් නමින් ද හැඳින්වේ. ආඬි යනු ද්‍රවිඩ භාෂාවෙන් ජූලි මාසය හදුන්වන නමකි. මෙම පෙරහැර ජූලි මාසයේ පවත්වන හෙයින් ඒ නම ද භාවිතා කෙරේ.
කොළඹ අවට ජනතාව සඳහා මෙම පෙරහැර කොළඹදී පවත්වන අතර කතරගමදී ද මෙම පෙරහැර පවත්වනු ලබයි. මෙම අවස්ථාවේ දී නළලේ ගාන අළු "තිරුනීරු" නම් වේ. පෙරහැරේ වයන සංගීත භාණ්ඩ අතර බෙරය, නාදස්වරම්, බටනලාව, සර්පිනාව (කරේ එල්ලා වයන) ප්‍රධාන තැනක් ගනී.
පෙරහැරේ "භජන්" නම් ස්ත්‍රෝත ගායනා ද ගයනු ලබයි. මේ පෙරහැර සඳහා කෙසෙල් ගස් වලින් සරසන ලද රථයක් පිළියෙල කෙරේ. දේවාලයේ පූසාරි (පූජකතුමා) පෙරහැරේ ගමන් කරයි. කපුරු පූජාව මෙහි ප්‍රධාන තැනක් ගනී.