උඩරට මංගලම් නැටුම
 



උඩරට නර්තනය හදාරණ ආධුනික නැටුම් ශිල්පියා, පළමු කොට පා සරඹ අභ්‍යාසයන් ප්‍රගුණ කොට දෙවැනුව ගොඩ සරඹ අභ්‍යාසයන් කොට නැටුමට අවශ්‍ය මූලික අංග චලන, නැටුම් පද, ශාරිරික නම්‍යතාවය ලබා ගනියි. ඉහත කී අංග ප්‍රගුණ කිරීමෙන් අනතුරුව උඩරට නැටුම් ශිල්පියා පුහුණු වීම කරන්නේ මංගලම් නැටුම සඳහාය. මංගලම් නැටුම යනු සුභ මංගල අවස්‌තාවන් හීදී රඟ දක්‌වනු ලබන නැටුමකි.

 



මංගලම් නැටුම පහත පරිදිය.

තාල රූපය :තුන් සුළු දෙමහ පස්තිත.

බෙර පදය :
දොංතකු දොංජිං ගත කිටිතක

තානම :
තම්දේ නම් දෙන තන තනම් දෙන
තාන නම් දෙන තානෙනා
තතන තාන තම් දෙන තනම් දෙන
තාන තම් දෙන තානෙනා

කවි :
මංගලම් ජය මංගලම් ජය මංගලම් ජය මංගලම්
මංගලම් සිරි මංගලම් සිරි මංගලම් සිරි මංගලම්
මංගලම් සුභ මංගලම් සුභ මංගලම් සුභ මංගලම්
මංගලම් මේ රඟට පළමුව වෙවා ජය සුභ මංගලම්

කස්‌තිරම :
තත් ජෙං තත් ජෙං ගත කිටිතක
ගජිත් කුදං ජෙංගත කිටිතක
ගත ගොගො තක ජෙංගත කිටිතක
ගත කුඳ කුඳ තරිකිට දොමිකිට තා

(c) Shilpa Sayura Foundation 2006-2017