බුද්ධ ප්‍රතිමාවේ ප්‍රතිමා ප්‍රමාණ මුලධර්ම
 
 
සංස්‌කෘත ග්‍රන්ථයක්‌ වන ශාරිපූත්‍ර ප්‍රකාරණයේ බුදුපිළිම නිර්මාණය පිළිබඳ මූලධර්ම විධික්‍රම අන්තර්ගත වී ඇත .

බුදුපිළිම සෑදීමේදී ලඹතටු ක්‍රමය හා චතුර්මාන ක්‍රමය බහුලව භාවිතයට ගෙන ඇත. ලඹතටු ක්‍රමය ශාරිපුත්‍ර ප්‍රකාරණයේ එන ප්‍රමාණවිධි භාවිතයට ගනිමින් නිර්මාණය කරන ලද එකකි. දිග පළල භාවිතයට ගෙන ඇත්තේ අගල් සහ ඇට වර්ග අශ්‍රීත මිනුම් වල අනුසාරයෙනි. තලඇට - යව ඇට අදී වශයෙනි.

ශාරිපුත්‍ර ප්‍රකාරණයේ සඳහන් මුලධර්ම

01 පිළිමය උසින් එකසිය විසිහතරකට බෙදාගත් අඟලෙන් නළල අඟල් හතර හමාරක්‌ වීම.
02 ඉහත ප්‍රමාණයම නාසිකාව අගටත් නිකටටත් යොදාගැනිම.
03 කේශාන්තය තුනගුල් හමාරක්‌වීම.
04 කර්ණයේ සිට උෂ්ණිෂයට එකළොස් අඟලක් වීම.
05 උෂ්ණිෂයේ සිට දකුණු උකුණුවලට අඟල් දහතුනහමාරක්‌ වීම.
06 ශ්‍රිවයේ දිග අඟල් තුනහමාරක්‌වීම.
07 ඇහිබැමට අඟල් හතක්‌ විම.
08 බැම පළල අඟලක්‌ විම.
09 උඩු ඇසිපිය අඟල් හතක්‌ විම.
10 ඇසේ දිග අඟල් හතක්‌ විම.
11 ඇසේ දිග අඟල් තුනක්‌ විම.
12 උරබාහුවේ සිට වැලමිටට අඟල් විසිහතක්‌ විම.
13 වැලමිට සිට මැණික්‌ කටුවට අඟල් විසි එකක්‌ විම.
14 බාහුමුල මහත අඟල් නවයක්‌ විම.
15 වැලමිට මහත අඟල් හයක්‌ විම.
16 මැණික්‌ කටුව අඟල් තුන හමාරක්‌ විම.
17 අත්තලය දිග හත් අඟලක්‌ හා පළල අඟල් හයක්‌ විම.
18 මැදගිල්ලේ දිය සය අඟල් හතර යවකි.
19 වෙදහිල්ල දිග අඟල් පහමාරක්‌ විම.
20 සැළැගිල්ල ඊට යවයක්‌ අඩු වේ.
21 ශ්‍රිව මුලයේ සිට පපුවට හෘදයේ සිට නාභියට එතැන් සිට මුහුණෙන් එකක්‌ එකක්‌ බැගින් ගැනීම.
22 යටතොල පළල අඟලක්‌ විම.
23 උඩුතොල යව හතරක්‌ විම.
24 කර්ණය අඟල් හතරක්‌ විම.
25 උරහිස්‌ දෙක අතර අඟල් හතළිහක්‌ විම.
26 නෙත් වල පළල යව හයක්‌ විම.
27 ඇසිපිය යව දෙකක්‌ විම.
28 උරු මුලය අඟල් දහතුනහමාරකි.
29 දිග අඟල් විසිහතක්‌ විම.
30 ඡානුව අඟල් හතරක්‌ විම.
31 ඡං ඝාව දිග අඟල් විසි හතක්‌ විම.
32 බොලට අඟල් හතරක්‌ විම.
33 පාදයේ දිග අඟල් දහතුනහමාරක්‌ විම.

ඉහත විස්‌තර වලට අමතරව බුදුපිළිම සෑදිමේ මුලධර්ම අතර අෂ්යතාල ක්‍රමයල, නවතාල ක්‍රමය, දසතාල ක්‍රමය, ලඔතටුක්‍රමය, මුඛමාන ක්‍රමය ,චතුර්මාන ක්‍රමය, බිම්බමාන ක්‍රමය, භාවිතයට ගෙන ඇත.
ලංකාවේ රිදී විහාරයේ චිත්‍රයක ප්‍රමාණ දැක්‌වෙන ගණිතමය මුලධර්ම වර්තමානයේ ද දැක බලාගත හැකිවේ. මෙම මුලධර්ම වලට අමතරව ඉන්දියාවේ භාවිතකරනු ලැබු ෂඩංග මුලධර්ම ද ප්‍රතිමා සෑදිම උදෙසා භාවිතයට ගෙන ඇත. (විෂ්ණු ධර්මෝත්තර ග්‍රන්ථය)

1 රූපභෙද - රූපය පිළිබඳ අවබෝධය.
2 ප්‍රමාණ - චිත්‍රයක කඩවසම් බව පර්යාලෝකය පිළිබඳ දැනුම.
3 භාව - නිර්මාණයක හැගිම් පද්ධතිය.
4 ලාවණ්‍ය යෝඡනා - රූපකාය සම්පත්තිය සෞන්ධර්යාත්මක කරණය.
5 සාදෘශ්‍ය  - තාත්විකත්වය - චිත්‍රය අශ්‍රය වස්‌තුවට සමාන විම.
6 වර්ණකාභංග - ක්‍රමානුකුල වර්ණාලේපය.

(c) Shilpa Sayura Foundation 2006-2017