ඊජිප්තුවේ පළමු රාජධානිය වීනස් නම් රජු යටතේ ඇතිවූ අතර ඔහුගේ අගනුවර වූයේ 'මෙම්පීස්" ය. ඉන්පසුව "පාරාවෝ" රජ පෙළපතට එහි බලය හිමි විය. ටූටන්කාමන් පාරාවෝ රජුන් අතර ප්‍රසිද්ධය. ඉතා අඩු වයසින් මිය ගිය ඔහුගේ සිරුර විශාල පිරමීඩයක් එනම් රාජකීය සොහොන් කොතක් තුළ තැන්පත් කර තිබිය දී ගවේශකයන්ට හමුවිය.
මරණින් මතු ජීවිතයක් ගැන විශ්වාස කළ ඔවුහු මතු ආත්මයේ දී ප්‍රයෝජනය ගැනීමට මේ ආත්මයේ රජු පරිහරණය කළ සියලු දෑ පිරමීඩ් නම් සොහොන් ගෙවල් තුළ තැන්පත් කොට ඇත. එම පිරමීඩ් තුළ ඇති භාණ්ඩ ගැන සැලකීමේ දී ඔවුන්ගේ එදිනෙදා ජීවිතය සහ එකල පරිහරණය කළ භාණ්ඩ පිළිබඳ තොරතුරු දැනගත හැකිය.
පැරණි පාරාවෝ රජවරු දේවත්වයෙන් පිදුම් ලැබූ බව පෙනේ. පසුකලෙක පාරාවෝ රජුන්ගේ බලය පිරිහුන නමුත් තීබ්ස් හි කුමාරයෙකු නැවතත් පාලනය ක්‍රමවත් කරන ලදී. ඔහුගේ කාලයේ පිරමීඩ් ඉදිකිරීම නවතා දැමූ නමුත් උස් කඳු බැවුම් වල සොහොන් ගුහා තැනූහ.
ඊජිප්තු රාජධානිය
නෙෆාටා බිසව