බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ලංකාගමනයේදී , බුදුරදුන් වැඩම කළ ස්‌ථානයකි කැළණිය. බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට ලංකාවට වැඩම කරේ දුරුතු මාසයේදීය. එම ලංකාගමනය හේතුවක් කොට ගෙන දුරුතු මාසයේදී කැළණිය විහාරයේ දුරුතු මහා පෙරහැර පවත්වයි. ඉතිහාසයේ සඳහන් වන අන්දමට කැළණි විහාරය කරවන ලද්දේ යටාල තිස්‌ස නම් සිංහල රජු විසිනි. කාලිංඝ මාඝ ආක්‍රමණයේදී විනාශ කරනලද කැළණි විහාරය, පෘතුගීසි ආක්‍රමණයන්ගෙන් මුළුමුනින්ම විනාශ කරන ලදි. මහනුවර රජ සමයේ රට පාලනය කල කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහය ඇතිව අතිපූජ්‍ය අත්තදස්‌සි හිමිපාණංගේ මූලිකත්වයෙන් නැවත කැළණි විහාරය ගොඩ නංවන ලදි. 1927 වසරේදි ඉදි කෙරුනු නව බුදුමැදුර විවෘත කොට එම කාරණය නිමිති කොටගෙන දුරුතු පෙරහැරක් පවත්වා මේ දක්‌වාම වාර්ශිකව පෙරහැර පවත්වනු ලබයි. මීට පෙරද විවිධ රජවරුන් විසින් මෙම පෙරහැර කරවා ඇති බවට පුරාවෘත්තයන් සක්‍ෂි දරයි.
මෙම කැළණි දුරුතු පෙරහැර
> ධාතු පෙරහැර
> විශ්ණු පෙරහැර
> කතරගම පෙරහැර
> විභීශණ පෙරහැර
වශයෙන් එක්‌ව පෙරහැර හතරක් පවත්වයි.
ධාතු පෙරහැර උඩරට නැටුමෙන් සමංවිත වේ. පෙරහැර ඉදිරියෙන්ම ගමන් ගන්නේ මේ උඩරට නැටුම් ශිල්පීන් ය. කතරගම පෙරහැර පහතරට නැටුම් වලින් සමංවිතය. වඩිග පටුන, මොනර නැටුම්, කාවඩි නැටුම් ආදියෙන් කතරගම පෙරහැර සමංවිතය. විභීෂණ පෙරහැර දෙවොල් නැටුම් හා සබරගමු නැටුම් වලින් පෝෂිතය. සාම්ප්‍රදායික පෙරහැර ආරම්භයේ පවත්වන කප්සිටුවීමක් කැළණි පෙරහැරේ දක්‌නට නොලැබේ. මෙහි ආරම්භක අවස්‌ථාව ලෙස හැදින්විය හැක්‌කේ, ධර්ම දේශනා හා පිරිත් ගායනා කරමින් පවත්වන දේවදූත පෙරහැරෙනි.