සාර්වත්‍ර කුලකය හා එයට අයත් කුලක වෙන් රූප මගින් දැක්විය හැක.
බොහෝ විට සාර්වත්‍ර කුලකය දැක්වෙන වෙන් රූපය සෘඡුකෝණාශ්‍රයක් හැඩයට අඳින අතර එහි උපකුලක රවුම් කර නිරූපණය කරයි.
ε = {7,14,16,25,29,31,36,44,50}
4න් බෙදෙන සංඛ්‍යා කුලකය x = {36,16,44}
5න් බෙදෙන සංඛ්‍යා කුලකය y = {25,50}
7න් බෙදෙන සංඛ්‍යා කුලකය z = {7,14}
ε , x , y , z යන කුලක වෙන් රූපයක පහත පරිදි දැක්විය හැක.
කුලකයට 4 න් හා 5 න් බෙදෙන 20 වැනි සංඛ්‍යාවක් තිබේනම් එය අයත් වන්නේ කුමන කොටසකටද ?
කුලකයට 7 න් හා 5 න් බෙදෙන 35 වැනි සංඛ්‍යාවක් තිබේනම් එය අයත් වන්නේ කුමන කොටසකටද ?
කුලකයට 4 න් හා 7 න් බෙදෙන 28 වැනි සංඛ්‍යාවක් තිබේනම් එය අයත් වන්නේ කුමන කොටසකටද ?
කුලකයට 4 න් හා 5 න් හා 7න් බෙදෙන 140 වැනි සංඛ්‍යාවක් තිබේනම් එය අයත් වන්නේ කුමන කොටසකටද ?