කිසියම් අවස්ථාවක් සඳහා සලකනු ලබන සියළුම කුලකවල අවයව අඩංගු කුලකය සාර්වත්‍ර කුලකය ලෙස හැඳින්වේ.
සාර්වත්‍ර කුලකය “ ε ”යන සංඛේතයෙන් දැක්වේ.
B = {පිරිමි ළමුන් කුලකය} = {අමල්,කමල්,සුනිල්}
G = {ගැහැණු ළමුන් කුලකය} = {නයනා,රාණි}
ඉහත දක්වා ඇත්තේ පන්තියක ළමයි කුලකයේ උපකුලක වේ.
ඒ අනුව ඉහත ගැහැණු හා පිරිමි ළමයි සියල්ල ගත්විට එය මුළු ළමයි කුලකය වන අතර එය සාර්වත්‍ර කුලකය වේ.
සාර්වත්‍ර කුලකය ε = {ළමයි කුලකය} = { අමල්,කමල්,සුනිල්,නයනා,රාණි}
අභ්‍යාස.
(1) {මාළු} , {කිරි}, {පළතුරු} , {එළවළු} , {මස්} , {ආහාර}, {දොඩම්}
ඉහත කුලක පන්තියේ සාර්වත්‍ර කුලකය ලෙස සැලකිය හැක්කේ කවරක්ද?