කුලකයක අවයව හා අවයව නොවන අගයන්
 

පහත රූපයේ ජලජ, ගොඩබිම, ගොඩබිම හා ජලය සහ සතුන් නොවන දත්ත සමූහ ගත කර ඇත.

මෙයට වෙන් (Venn) රූප සටහනක් කියමු. Venn යන නම එම ක්‍රමය ඉදිරිපත්කළ
Venn නම් ගණිතඥයා සිහිවීම පිණිස තබා ඇත.



 

පහත සංඛ්‍යා සමූහය සලකමු.

1 , 3 , 5 , 7

මෙහි දැක්වෙන්නේ 10 ට අඩු ප්‍රථමක සංඛ්‍යා වේ.
ඒ අනුව 10 ට අඩු ප්‍රථමක සංඛ්‍යා කුලකය පහත අයුරින් දැක්විය හැක.
X = {10 ට අඩු ප්‍රථමක සංඛ්‍යා කුලකය}
X = {1 , 3 , 5 , 7}

ඒ අනුව 1 , 3 , 5 , 7 යනු X කුලකයේ එනම් 10 ට අඩු ප්‍රථමක සංඛ්‍යා කුලකයේ අවයවවේ.

මෙය 1ЄX ,3ЄX ,5ЄX හා 7ЄX යනාදී ලෙසද "Є" යන සංඛේතය භාවිතයෙන් දැක්විය කලහැක.


නමුත් 2 , 4 , 6 , 8 යනු X නම් වූ කුලකයේ අවයව නොවේ.
එය ඉහත පරිදි කුලක අංකනය කලවිට 2#X ,4#X , 6#X හා 8#X ලෙස දැක්විය හැක.

*යම් අවයවයක් කුලකයකට අයත් බව “Є” මඟින්ද , අයත් නොවන බව “#”මඟින්ද අංකනය කල හැක.

අභ්‍යාසය.
පහත එක් එක් අවයවය දී ඇති කවර කුලකයනට අයත් වේ දැයි කුලක අංකනය භාවිතයෙන් ප්‍රකාශ කරන්න.
පුටුව , බෝංචි , පාපැදිය , වඳුරා

{වාහන} , {එළවළු} , {සිවුපා} , {ගෘහ භාණ්ඩ}

(c) Shilpa Sayura Foundation 2006-2017