ආඛ්‍යාත පූර්ණ යොදාගැනීම
 

ආඛ්‍යාතයක ඌණත්වයක්‌ සම්පූර්ණ කිරීමට ආඛ්‍යාත පූර්ණ යොදා ගනු ලැබේ.

දක්‍ෂ ළමයා විශාරදයකු විය.
මද්දුම බණ්‌ඩාර වීරයෙක්‌ වේ.
හාමුදුරුවෝ බණක්‌ කිව්වාහ.

මෙහි වුය, වේ , කිව්වාහ යන ක්‍රියා පදය තනිව ගත් කල නිසි අර්ථයක් නොදේ.
විශාරදයකු, වීරයෙක්‌, බණක්‌ ආඛ්‍යාත පූර්ණ පද යෙදූ විට වාක්‍යයේ අරුත සම්පූර්ණ වේ. ඒවා වලින් විය, වේ, කිව්වාහ යන ආඛ්‍යාත පද පූර්ණ බවට එනම් අරුතක් ඇති බවට පත්වේ.

මද්දුම බණ්‌ඩාර ජාතික වීරයෙක්‌ වේ.
ඉහත වැකියේ ජාතික නම් පදය ආඛ්‍යාත පූර්ණ විශේෂණයකි.

දක්‍ෂ ගුරුවරයා තමාගේ ප්‍රථම ශිෂ්‍යයා මහා සංගීත විශාරදයකු කළේය.

උක්‌ත විශේෂණය - දක්‍ෂ
උක්‌තය - ගුරුවරයා
කර්ම විශේෂණය - ප්‍රථම
කර්මය - ශිෂ්‍යයා
ආඛ්‍යාත විස්‌තාරය - මහා
ආඛ්‍යාත පූර්ණ විශේෂණය - සංගීත
ආඛ්‍යාත පූර්ණය -විශාරදයකු
ආඛ්‍යාතය - කළේය

 
(c) Shilpa Sayura Foundation 2006-2017