ත්‍රිකෝණයක බාහිර කෝණවල ඓක්‍යය
 

පහත දී ඇති ත්‍රිකෝණය සලකා බලමු.
එහි අභ්‍යන්තර කෝණ a,b,c වන අතර ත්‍රිකෝණයේ පාද දික්කිරීමෙන් සෑදෙන බාහිර කෝණ x,y,z වේ.

ඒ අනුව
a+ x = අංශක 180(සරල කෝණ)
b+ y = අංශක 180(සරල කෝණ)
c+ z = අංශක 180(සරල කෝණ)

ඉහත සමීකරණ 3 එකතු කිරීමෙන්
a + x + b + y + c + z = අංශක 540

(x + y + z) + (a + b + c ) = අංශක 540

ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 3හි එකතුව 1800 බැවින්
a + b + c= අංශක 180 ක් වේ

(x + y + z) +180 = අංශක 540
එමනිසා
x + y + z = අංශක 360 වේ

මේ අනුව,ත්‍රිකෝණයක බාහිර කෝණවල එකතුව අංශක 360 බව පෙන්විය හැක.

(c) Shilpa Sayura Foundation 2006-2017