සාරාංශය
 


  • ජීවීන්ගේ මවුපිය පරම්පරාවල ලක්‍ෂණ දැරූ පරම්පරාවලට උරුමවීම ආවේණිය නම් වේ.
    මිනිසාගේ උස, බුද්ධි මට්‌ටම, සමහර ලෙඩ රෝග ආවේණිකය.

  • අධ්‍යාපනය, ආහාර, ව්‍යායාම, ඖෂධ, විකිරණ වැනි පාරිසරික සාධක ලක්‍ෂණ වෙනස්‌ වීම කෙරෙහි බලපායි.
  • ආවේණික ලක්‍ෂණ ඇති වීම සඳහා ප්‍රවේණි සාධක හේතුවේ.
    ඇලි බව, බහු අංගුලිතාව, බද්ධ අංගුලිතාව යන තත්ව ආවේණිකය.

  • ආවේණික ලක්‍ෂණ පරම්පරාවෙන් පරම්පරාවට යන ආකාරය පිළිබඳව පළමුවෙන් ම පරීක්‍ෂණාත්මක ව පෙන්වා දුන්නේ ග්‍රෙගර් මෙන්ඩල් විසිනි.
  • පරීක්‍ෂණ සඳහා තෝරා ගත්තේ ගෙවතු මෑ ශාකයයි.
  • යම් ශාකයක උස හා මිටි වැනි එකිනෙකට විරුද්ධ ලක්‍ෂණ නම් වේ.
  • තෝරා ගත් ශාකවල ලක්‍ෂණ පරම්පරා ගණනාවක්‌ ඔස්‌සේ නොවෙනස්‌ව පැවතුණ විට, එවැනි ශාක නුමුහුම් ශාක ලෙස හැඳින්වුයේය.
  • පළමු දරු පරම්පරාවේ ප්‍රකට ලක්‍ෂණය ප්‍රමුඛ ලක්‍ෂණය ලෙස මෙන්ඩල් හැඳින්වූයේ ය. එහි යටපත් වී තිබී ඊට විරුද්ධ ලක්‍ෂණය නිලීන ලක්‍ෂණය ලෙස ද හැඳින්වූයේය.
  • ජීවීන්ගේ ලක්‍ෂණ අංශුමය සාධක මගින් තීරණය වන බව මෙන්ඩල් පැවසුවේය.
  • ප්‍රවේණි විද්‍යාඥ ජොහැන්සන් ප්‍රවේණි සාධක, ජාන යනුවෙන් නම් කළෙයේය.
  • සමහර ද්‍රව්‍ය මගින් ප්‍රජනක සෛලවල ජාන වෙනස්‌ කෙරේ. මේ වෙනස්‌ වීම් විකෘති යනුවෙන් හැඳින් වේ.
  • මෙන්ඩල්ගේ සොයා ගැනීම් පදනම් කරගනිමින් විවිධ වාසිදායක ලක්‍ෂණ ඇති මල්, පලතුරු, එළවළු, ධාන්‍ය ආදිය ද බල්ලන්, බලලුන්, ගවයන්, කුකුළන් වැනි සතුන් ද ලබාගැනේ.
  • කෘතීම දෙමුහුම්කරණය හා තේරීම් නිසා නොහික්‌ත ජාන සම්පූර්ණයෙන් ම නැති වීමට ඇති ඉඩකඩ විශාලය.
  • හෘත් රෝග, දිය වැඩියාව, හිමෝෆීලියාව වැනි පරම්පාගත රෝග මිනිසුන් අතර දක්‌නට ලැබේ.
  • ජාන ඉංජිනේරු විද්‍යාව උපයෝගී කර ගනිමින් මිනිසා සතු අහිතකර ජාන වෙනුවට නිරෝගී ජාන ඇතුළත් කිරීමේ ජාන ඉංජිනේරු තාක්‍ෂණය දැන් භාවිතා කෙරේ.
  • පළිබෝධවලට හා දිලීරවලට ඔරොත්තු දෙන ශාක වර්ග එම තාක්‍ෂණය මගින් ලබාගෙන ඇත.
  • 1997 වර්ෂයේ දී ක්‌ලෝනීකරණය මගින් බැටළුවකු විද්‍යාගාරයේදී උපදවා ඇත.
  • ලේ නෑදෑයන් අතර විවාහ සිදු කිරීම අහිතරකරය

(c) Shilpa Sayura Foundation 2006-2017